සම්පායෝගෙන් CIDය ප්‍රකාශ ගනී - නීතිවිරෝධී ලෙස දේපළ අත්පත් කරගත්තේදැයි සොයා පරික්ෂණ (වීඩියෝ)

Monday, 03 August 2020 - 13:04

%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+CID%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93+-+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%AF%E0%B7%9A%E0%B6%B4%E0%B7%85+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A%E0%B6%AF%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


බන්ධනාගාර රැඳවියන්ට පහසුකම් සැපයීමේ චෝදනාවට අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබියදී අත්අඩංගුවට ගත් මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ අද (03) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මොහු වැඩිදුර විමර්ශණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඊයේ (02) භාර දුන් අතර, ඔහුගෙන් මේ වනවිට ප්‍රකාශ සටහන් කරගනිමින් සිටිනවා.

වරෙන්තු ලැබ සිටි 52 හැවිරිදි මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ බුද්ධි තොරතුරකට අනුව කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය අසළ දී ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ, වරෙන්තු නිකුත් කර දින 11කට පසුවයි.

මේ අතර මොහු ඇතුලු චෝදනා එල්ලවී සිටින සෙසු බන්ධනාගාර නිලධාරීන් තුන්දෙනා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධතා පවත්වා එමඟින් අයථා මුදල් සහ වත්කම් උපයාගෙන ඇත්ද යන්න පිළිබඳවද පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න පොලිස් මූලස්ථානයේ අද (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ.