අංගොඩ ලොක්කාගේ පශ්චාත් මරණ පරික්ෂණය සඳහා ලබාගත් සාම්පල් වැඩිදුර පරීක්ෂණ සඳහා ! (වීඩියෝ)

Monday, 03 August 2020 - 13:14

%E0%B6%85%E0%B6%82%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%BD%E0%B7%9C%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%81%E0%B7%8A%E0%B6%A0%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BB+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%21+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා හෙවත් අංගොඩ ලොක්කා ඉන්දියාවේදී ජීවිතක්ෂයට පත්ව ඇති බවට සනාථ වී ඇතැයි කොයිම්බතූර් පොලිසිය අනාවරණය කරගෙන ඇති බව ඉන්දියන් එක්ස්ප්‍රස් වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

සිද්ධියට අදාළව මදුරෙයි ප්‍රදේශයේදී ශ්‍රී ලාංකික කාන්තාවක් ඇතුලු තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි එම වෙබ් අඩවිය ප්‍රකාශ කළේ.

අංගොඩ ලොක්කා ඉන්දියාවේ ජීවත්ව ඇත්තේ ආර්. ප්‍රදීප් සිං යන ව්‍යාජ නමකින් බවයි කොයිම්බතූර් පොලිසිය සිදුකළ විමර්ශණයේදී අනාවරණය වී ඇත්තේ.

ඉකුත් ජූලි මස 03 වනදා මොහු කොයිම්බතූර් වෛද්‍ය විද්‍යාලෙය් රෝහලට ඇතුලත් කොට ඇත්තේ හෘදයාබාධයක් ඇති වී නිවසේදී එක්වරම සිහිමුර්ජා වී ඇද වැටණු බව පවසමින්.

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ද ව්‍යාජ තොරතුරු හා ලේඛන ඉදිරිපත් කර ඇති අතර, බලධාරීන් එම ලේඛන නිසිලෙස පරීක්ෂා නොකළ බවට පොලීසිය  චෝදනා කරනවා.

බුද්ධි වාර්තා පදනම් කරගනිමින් අංගොඩ ලොක්කා කොයිම්බතූර් හිදි ඝාතනය කර වළදමා ඇති බවට ශ්‍රී ලංකා පොලීසිය කළ විමසීමක් අනුව කොයිම්බතූර් පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබුණා.

ඒ අනුව වයස අවුරුදු 35 ක් ලෙස දක්වා, ප්‍රදීප් සිං යන නමින් අංගොඩ ලොක්කා පෙනී සිට ඇති බවත් ඒ සඳහා ව්‍යාජ ලිපිලේඛන හා හැඳුනුම්පත් සකස් කර ඇති බවත් පොලීසිය සිදුකළ විමර්ශනවලදි අනාවරණ වී තිබෙනවා.

මදුරෙයි ප්‍රදේශයේදි ඔහුගේ දේහය ආදාහනය කර ඇති බව ද කොයිම්බතූර් පොලීසිය තවදුරටත් අනාවරණය කළා.

කෙසේ වෙතත් පශ්චාත් මරණ පරික්ෂණය සඳහා ලබාගත් සාම්පල් මේ වනවිට වැඩිදුර පරීක්ෂණ සඳහා යොමුකර ඇති අතර, ඒ අනුව ඔහු ඝාතනයට ලක්වූවාද, නැතහොත් හෘදයාබාධයකින් මියගියේද යන්න තහවුරු කරගත හැකි බව පොලීසිය ප්‍රකාශ කළ බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ.

පොලීසිය සිදුකළ මුලික විමර්ශන අනුව අංගොඩ ලොක්කා මීට වසර 03 කට පමණ පෙර කොයිම්බතූර් වෙත පැමිණ ඇති  බවත්, චෙරාන් මානගර් ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන අමානි තන්ජි නැමති ඔහුගේ පෙම්වතිය සමඟ ජීවත්වූ බවත් හෙළි වී තිබෙනවා.

ඔහු ආහාර සැපයීමේ ව්‍යාපාරයක් සිදුකරමින් කොයිම්බතූර් හි ජීවත්ව සිට ඇති බවද විමර්ශනවලදී අනාවරණ වුණා.

සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන ඇත්තේ අංගොඩ ලොක්කා කොයිම්බතූර් හි දී ජීවත්වූ බව කියන ඔහුගේ පෙම්වතිය වන අමානි තන්ජි නම් ශ්‍රී ලාංකික කාන්තාව සහ ව්‍යාජ ලිපිලේඛන සකස් කිරීමට ආධාර අනුබලදුන් බව පැවසෙන පුද්ගලයෙකු ඇතුලු තුන්දෙනෙකු බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories