තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් දිවයිනට

Monday, 03 August 2020 - 13:20

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7
විදේශයන්හි රැදී සිටි තවත් ශ්‍රී ලංකිකයන් 14 දෙනෙකු අද (03) දිවයිනට පැමිණියා.

අලුයම 01.45ට දෝහා සිට නෞකා කාර්ය මණ්ඩල සාමාජිකයන් ඇතුළු 13 දෙනෙකු එලෙස දිවයිනට පැමිණි බවයි කටුනායක ගුවන් තොටුපොළ කාර්යභාර නිළධාරිවරයා සදහන් කළේ.

එමෙන්ම ජපානයේ නරීටා සිට ද එක් පුද්ගලයෙකු දිවයිනට පැමිණ තිබෙනවා.

පී.සී.ආර් පරීක්ෂණ වලින් අනතුරුව ඔවුන් නිරෝධායනය සදහා යොමු කරනු ලැබුවා.

එමෙන්ම යුධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයන්හි නිරෝධායනය අවසන් කළ තවත් 55 දෙනෙකු අද (03) නිවෙස් වෙත පිටත්ව යාමට නියමිත බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළා.

මේ අතර කොරෝනා ආසාදිත බවට තහවුරු වූ ඉන්දීය ස්වදේශ කටයුතු ඇමති අමිත් ෂා පසුගිය බදාදා පැවති අමාත්‍ය මණ්ඩල හමුවට සහභාගිවී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ආරක්ෂක අමාත්‍ය රාජ්නාත්සිං, මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් ඇතුලු 55 දෙනෙකු එම අමාත්‍ය මණ්ඩල හමුවට සහභාගි වී තිබෙනවා.