ඇමරිකානු ජනාධිපතිවරණය නොවැම්බර් 03

Monday, 03 August 2020 - 13:23

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+03
2020 ඇමරිකානු ජනාධිපතිවරණය නොවැම්බර් මස 03 වනදා පැවැත්වෙන බව ධවල මන්දිර කාර්ය මණ්ඩල ප්‍රධානී මාක් මෙඩෝස් ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරණය ප්‍රමාද කිරීමේ අපේක්ෂාවෙන් පසුවන අතරතුරයි.

පසුගිය බ්‍රහස්පතින්දා ජනපති ට්‍රම්ප් යෝජනා කළේ ජනාධිපතිවරණය ප්‍රමාද කළ යුතු බවටයි.

කෙසේ වෙතත් ට්‍රම්පගේ එම යෝජනාවට රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් පක්ෂ දෙකෙහිම දැඩි විවේචන එල්ල වුණා.

ධවල මන්දිර කාර්ය මණ්ඩල ප්‍රධානී මාක් මෙඩොස් පෙන්වා දෙන්නේ ජනාධිපතිවරණය නොවැම්බර් මස 03 වනදා පැවැත්වෙන අතර ජනපති ට්‍රම්ප් ඉන් ජය ගැනීමට නියමිත බවයි.