මාංශපේෂී දියවීමේ රෝගයක් නිසා දුක් විඳින, සරණක් අවැසි පාසල් සිසුවා (වීඩියෝ)

Monday, 03 August 2020 - 14:12

%E0%B6%B8%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%B4%E0%B7%9A%E0%B7%82%E0%B7%93+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B3%E0%B7%92%E0%B6%B1%2C+%E0%B7%83%E0%B6%BB%E0%B6%AB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


දෙමාපියන්ට මෙළොව ඇති උතුම්ම සම්පත දරුවන්.

දරුවෙකුගේ රෝගාබාධයක් දෙමාපියන්ට ගෙන දෙන්නේ අප්‍රමාණ වේදනාවක්.

මාංශපේෂී දියවීමේ රෝගයකින් පීඩා විදින දරුවෙකු නිසා එවන් වේදනාවක් උරුම කරගත් ගිනිගත්හේන ප්‍රදේශයේ පදිංචි මාපිය යුවළක් පිළිබඳයි මේ පුවත.

ගිනිගත්හේන ලක්ෂපාන නීලවත්ත ප්‍රදේශයේ පදිංචි කීර්ති චන්ද්‍රසිරි සිසුවාට මේ වනවිට වයස අවුරුදු16ක්.

පැතිකුද රෝගය නැතහොත් මාංශපේෂී දියවීමේ රෝගයක් හේතුවෙන් ඔහුට අද අත්ව ඇති ඉරණමයි මේ.

වසර 13ක් සාමාන්‍ය ක්‍රියාකාරකම්වල නිරතවෙමින් නිරෝගීව සිටි ඔහුට මීට වසර 04ක පමණ සිට ක්‍රම ක්‍රමයෙන් මෙම රෝග තත්ත්වය හටගෙන තිබෙනවා.