හෙරොයින් සමඟ පුද්ගලයෙකු අහුන්ගල්ලේ දී අත්අඩංගුවට

Monday, 03 August 2020 - 15:08

%E0%B7%84%E0%B7%99%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B7%84%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
අහුන්ගල්ල - පාවැලිකන්ද ප්‍රදේශයේ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීමකදී හෙරොයින් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී හෙරොයින් ග්‍රෑම් 04යි මිලිග්‍රෑම් 430ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැක කෙරෙන රුපියල් හයලක්ෂ 97,600ක් සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

එමෙන්ම, නිවසේ සඟවා තිබූ යුද හමුදා ඇඳුම්වලට සමාන ඇඳුම් කිහිපයක් ද සොයා ගෙන තිබෙනවා.

සැකකරු අහුන්ගල්ල - බෝගහපිටිය - පාවැලිකන්ද ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙක්.