අනුරුද්ධ සම්පායෝ හෙට දක්වා රිමාන්ඩ් (වීඩියෝ)

Monday, 03 August 2020 - 15:28

%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%BA%E0%B7%9D+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


බන්ධනාගාර රැඳවියන්ට පහසුකම් සැපයීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, මීගමුව වැඩබලන නිළ නොලත් මහේස්ත්‍රාත් කේ.ජී. ගුණදාසගේ නියෝගයකට අනුවයි.

අනුරුද්ධ සම්පායෝ ඊයේ කුරුණෑගල දී පොලීසිය අත්අඩංගුවට ගනු ලැබූ අතර, පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙනු ලැබුවා.  

අනතුරුව ඔහු අද දිනයේ මීගමුව වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබාදුන්නේ.