ස්වයං නිරෝධායනයට ලක්වන්නන් ඡන්දය දෙන්න පැමිණිය යුතු වෙලාව මෙන්න

Monday, 03 August 2020 - 16:59

%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%82+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8F%E0%B7%80+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
ස්වයං නිරෝධායනයට ලක්වන්නන් ඡන්දය දෙන්න පැමිණිය යුතු වෙලාව මෙන්න

ස්වයං නිරෝධායනයට ලක්වන්නන්ට ඡන්දය දෙන්න පැයක්

නිරෝධායන මධ්‍යස්ථාන තුළ දින 14ක් නිරෝධායනයට ලක්වී, තවදුරටත් නිවෙස් තුළ දින 14ක ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටින පුද්ගලයන් සඳහා මෙවර මහ මැතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාවක් හිමි වනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළේ ඔවුන්ට පස්වරු 4 සිට පස්වරු 5 දක්වා පැයක පමණ කාලයක් ඒ සඳහා අවස්ථාව හිමි වන බවයි.

කෙසේ නමුත්, නිරෝධායන මධ්‍යස්ථානවලදී ඡන්දය ප්‍රකාශ කිරීමක් සිදුනොවන බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා.