පළාත් කිහිපයකට හෙටත් වැසි

Monday, 03 August 2020 - 17:12

%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%84%E0%B7%99%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
හෙට දිනයේදීත් සබරගමුව, බස්නාහිර, මධ්‍යම පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

සබරගමුව සහ මධ්‍යම පළාත්වලට තරමක තද වැසි ද අපේක්ෂා කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

එමෙන්ම, වැසිත් සමඟ තද සුළං ද ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියා.