වැඩි මිලට අලෙවිකරන්න සැඟවූ මත්පැන් තොගයක් සමඟ සැකකරුවෙක් දැලේ (වීඩියෝ)

Monday, 03 August 2020 - 17:57

%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B6%A7+%E0%B6%85%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%9F%E0%B7%80%E0%B7%96+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BD%E0%B7%9A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


හැටන් ප්‍රදේශයේ ළදු කැලෑවක සගවා තිබු මත්පැන් බෝතල් තොගයක් සමඟ සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී මිලිලිටර් 750,100 සහ180 මත්පැන් බෝතල් 750 කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන ඇතිබවයි වාර්තාවන්නේ.

මැතිවරණය හේතුවෙන් ඉදිරි දින දෙකක කාලයක් මත්පැන් අලෙවිසැල් වසා දැමීමෙන් අනතුරුව වැඩි මිලට අලෙවි කිරිම සඳහා මෙම මත්පැන් සඟවා තබා ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරු සහ මත්පැන් බෝතල් තොගය හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

හැටන් පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.