හැත්තෑව දශකයේ ආන්දෝලනාත්මක චරිතය මරුසිරා ගේ ආදරණීය බිරිඳ රන්මැණිකා ජීවිතයෙන් සමුගනී (වීඩියෝ)

Monday, 03 August 2020 - 18:50

%E0%B7%84%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%91%E0%B7%80+%E0%B6%AF%E0%B7%81%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A+%E0%B6%86%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9D%E0%B6%BD%E0%B6%B1%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B6%A0%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B6%BA+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9C%E0%B7%9A+%E0%B6%86%E0%B6%AF%E0%B6%BB%E0%B6%AB%E0%B7%93%E0%B6%BA+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8%E0%B7%90%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B6%9C%E0%B6%B1%E0%B7%93+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


හැත්තෑව දශකයේදී මුළු රටේම ආන්දෝලනාත්මක පුවත් මැවූ මරුසිරා නමින් රටපුරා ජනප්‍රිය වූ සිරිපාල ගේ ආදරණීය බිරිඳ රන්මැණිකා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයනවිට ඇය 77 වනවියේ පසුවූවා.

අනුරාධපුර සාලියපුර විසූ රන්මැනිකා සහ මරුසිරා ගේ ආදර කතාව චිත්‍රපට සහ පුවත් පත් සංගරා රැසක් රසවත් කළද ඔවුන්ගේ ජීවිත කතාව එතරම් ම රසවත් වූයේ නෑ.

එයට හේතු වූයේ ප්‍රදේශය පුරා පැතිරගිය මැර බලයට එරෙහිව නැගී සිටීමත් සමඟ ආයුද අතට ගත් සිරිපාල මරුසිරා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන්නට වූවා.

එහි ප්‍රතිඵලයක් ලෙස 1975 වසරේ අගෝස්තු මස 05 වනදා බෝගම්බර සිපිරි ගෙදරදී මරුසිරා එල්ලා මරනු ලැබුවා.

එතැන් පටන් මෙලොව තනි වූ රන්මැණිකා අගෝස්තු 05 වනදා දිනය මහත් කම්පාවෙන් මෙනෙහි කළ අතර මෙවර ඔහුගේ ආදරණීය සැමියාගේ අනුස්මරණයට දින දෙකකට පෙර ඇය සදහටම දෙනෙත් පියාගැනීමත් දෛවෝපගත සිද්ධියක්.

මියගිය රන්මැණිකාගේ අවසන් කටයුතු හෙට පස්වරු 4 අනුරාධපුර සාලියපුර පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.