අංගොඩ ලොක්කා මිය ගිය බවට ඉන්දියාවෙන් නිළ වාර්තා නැහැ (වීඩියෝ)

Monday, 03 August 2020 - 19:29

%E0%B6%85%E0%B6%82%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%BD%E0%B7%9C%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%85+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අංගොඩ ලොක්කා ඉන්දියාවේදී ජීවිතක්ෂයට පත්ව ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කළ ද, එරට රජයේ අදාළ ආයතන මගින් ඒ පිළිබද මෙතෙක් නිළ වශයෙන් තහවුරු කර නොමැති බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කරනවා.

කෙසේ නමුත්, මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා හෙවත් අංගොඩ ලොක්කා, පසුගිය ජුලි 3 වන දා කොයිම්බතූර් හිදී මිය ගොස් ඇති බව එහි පොලීසිය ඊයේ සනාථ කළේ යැයි ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත වාර්තා කළා.

එහෙත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න කියා සිටියේ එවැනි සිද්ධියක් මේ වන තෙක් වාර්තා වී නොමැති බවයි.

කොයිම්බතූර් පොලිසිය සිදුකළ විමර්ශණයේදී අනාවරණය වී ඇත්තේ අංගොඩ ලොක්කා ඉන්දියාවේ ජිවත්ව ඇත්තේ ආර්. ප්‍රදීප් සිං යන ව්‍යාජ නමකින් බවටයි.

ඉකුත් ජූලි මස 03 වනදා මොහු කොයිම්බතූර් වෛද්‍ය විද්‍යාල රෝහලට ඇතුලත් කොට ඇත්තේ හෘදයාබාධයක් ඇති වී නිවසේදී එක්වරම සිහිමුර්ජා වී ඇද වැටුණු බව පවසමින්.

සිද්ධියට අදාළව මදුරෙයි ප්‍රදේශයේදී ශ්‍රී ලාංකික කාන්තාවක් ඇතුලූ තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණේ ව්‍යාජ තොරතුරු මත ලබා ගත් අනුමැතියක් යටතේ ඔහුගේ දේහය ආදාහනය කිරීමට පියවර ගැනීම හේතුවෙන්.

අංගොඩ ලොක්කා මීට වසර 3 කට පමණ පෙර කොයිම්බතූර් වෙත පැමිණ ඇති බවත්, එහි නිවසක් කුලියට ගෙන අමානි තන්ජි නැමති ඔහුගේ පෙම්වතිය සමඟ ජීවත්වූ බවත් හෙළි වී තිබෙනවා.

අංගොඩ ලොක්කා විෂ ශරීරගත කිරීමකින් මිය ගිය බවට පළ වන වාර්තා පිළිබඳව ද ඉන්දීය මාධ්‍ය සිහිපත් කර තිබුණා.

එමෙන්ම, පශ්චාත් මරණ පරික්ෂණය සඳහා ලබාගත් සාම්පල් මේ වනවිට වැඩිදුර පරීක්ෂණ සඳහා යොමුකර ඇති අතර, ඒ අනුව ඔහු ඝාතනයට ලක්වූවාද, නැතහොත් හෘදයාබාධයකින් මියගියේද යන්න තහවුරු කරගත හැකි බව පොලීසිය ප්‍රකාශ කළ  බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ.

මේ අතර, අංගොඩ ලොක්කාගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ අපරාධ අංශයට යොමු කරන ලෙස ඉන්දියාවේ කොයිම්බතූර් නාගරික පොලීසිය තමිල්නාඩු පොලිස් අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.