අවසන් රන්දෝලි පෙරහර අදයි

Monday, 03 August 2020 - 19:33

%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9D%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%84%E0%B6%BB+%E0%B6%85%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
මහනුවර ඵෙතිහාසික ශ්‍රී දළඳා මාළිඟාවේ ඇසල පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද රාත්‍රී 7.14ට යෙදෙන සුබ මොහොතින් වීථි සංචාරය ආරම්භ කරනවා.

සෑම වසරකදිම දහස් සංඛ්‍යාත ජන සහභාගීත්වයෙන් යුතුව පැවැත්වෙන රන්දෝලි පෙරහර කොරෝනා වසංගතය හේතුවෙන් මෙවර පැවැත්වෙන්නේ ජන සහභාගීත්වයෙන් තොරවයි.  

කෙසේ නමුත්, පෙරහරේ විචිත්‍රභාවයට හානියක් සිදුනොවන පරිදි පෞරාණික චාරිත්‍ර ආරක්ෂා කරමින් පෙරහර පැවැත්වීමට සියළු කටයුතු සූදානම් බවයි දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල සඳහන් කළේ.

මේ අතර, කතරගම මහා දේවාලයේ පෙරහර මංගල්‍යයේ අවසන් පෙරහර ද අද රාත්‍රියේ 7.32ට යෙදෙන සුබ මොහොතින් වීථි සංචාරය කිරීමට නියමිතයි.