ඡන්ද මධ්‍යස්ථාන සියයට සියයක් සෞඛ්‍යාරක්ෂිතයි - මැතිවරණ කොමිසම කියයි (වීඩියෝ)

Monday, 03 August 2020 - 19:56

%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


එක්කෝටි හැට දෙලක්ෂයකට අධික ලියාපදිංචි ඡන්දායකයන් සඳහා ඡුන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සැලසෙන පරිදි මහමැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලූ කටයුතු මේ වන විට සූදානම් බව මැතිවරණ කොමිසම පවසනවා.

එහි සභාපති මහින්ද දේශප්‍රිය මහමැතිවරණය සම්බන්ධයෙන් පවතින සූදානම පිළිබඳ දැනුවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළා.

ඒ අනුව ජන්ද මධ්‍යස්ථාන සඳහා ඡන්ද පෙට්ටි නිකුත් කිරීමේ කටයුතු හෙට උදෑසන 08 සිට ආරම්භ කරන බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා එහිදි කියා සිටියේ.

එහිදී වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළේ සෞඛ්‍ය නිර්දේශ උපරිම ලෙස පිළිපදිමින් ඡන්දදායකයන්ට සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවස්ථාව සලසා දී ඇති බවයි.

එබැවින් අනියත බියකින් තොරව ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණ ඡන්දය ප්‍රකාශ කරන ලෙසට ද ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කළා.  

එමෙන්ම, මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන තුළ දින 14ක් නිරෝධායනයට ලක්වී, තවදුරටත් නිවෙස් තුළ දින 14ක ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටින පුද්ගලයන් සඳහා මෙවර මහ මැතිවරණයේ දී ඡුන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාවක් හිමි වනවා.

අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළේ ඔවුන්ට පස්වරු 4 සිට පස්වරු 5 දක්වා පැයක පමණ කාලයක් ඒ සඳහා අවස්ථාව හිමි වන බවයි.

මේ අතර, කිසියම් ඡන්ද මධ්‍යස්ථානයක කලබලකාරී ස්වභාවයක් ඇති වුවහොත් එහි ජන්දය ශූන්‍ය කරන බව ද මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළා.

ඡන්ද විමසීම අනිද්දා පෙරවරු 7ට ආරම්භ වීමට නියමිත අතර, මැතිවරණ දිස්ත්‍රික්ක 22ක් සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 20ක් සහ ස්වාධීන කණ්ඩායම් 34කින් අපේක්ෂකයින් 7452කු මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටිනවා.