නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මිලදීගැනීමට තැත් කළ දෙදෙනෙකු බේරුවලදී අල්ලයි (වීඩියෝ)

Tuesday, 04 August 2020 - 7:26

%E0%B6%B1%E0%B7%92%E0%B6%BD+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B6%AF%E0%B7%93%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AD%E0%B7%90%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


හෙට පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා රුපියල් 5,000 බැගින් මිලදි ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් හතරදෙනෙකු බේරුවලදී පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඉන් එක් අයෙකු පැවති යහපාලන ආණ්ඩු සමයේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඞ් රූමි  බවට මේ වනවිට හඳුනාගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

ඔහු පසුගිය ජනාධිපතිවරණය සමයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ජා සිද්ධිය සම්බන්ධයෙන් අධිචෝදනා ලැබූ හතරවන සැකකරු ද වනවා.

අනෙක් සැකකරුවන් තුන්දෙනාගෙන් එක් අයෙකු  පිගන් ගඩොල් හා සම්බන්ධ ආයතනයක විධායක ශ්‍රේණියේ නිලධාරියෙකු වන අතර තවත් පුද්ගලයෙකු ඖෂධ බෙදාහැරීම් හා සම්බන්ධ ආයතනය සේවය කරන විධායක ශ්‍රේණියේ නිලධාරියෙකු බවට මේ වන විට හදුනාගෙන ඇති බවයි පොලිසිය සදහන් කළේ.

එම වැටලීම සිදුකරන අවස්ථාවේ අදාළ ප්‍රදේශයේ තිබියදි හිමිකරුවෙකු අනාවරණය නොවු මෝටර් රථයක් ද පොලිස් භාරයට ගෙන තිබු අතර එහි තිබී මුදල් පසුම්බියක්ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කියා සිටියා.

මේ අතර, මැතිවරණ කොමිසන් සභාවට මේ වන විට මැතිවරණ නිතී උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 6932 ක් බව එම කොමිසම සදහන් කලා.  

ඉන් , ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට ලැබි තිබු පැමිණිලි සංඛ්‍යාව 1173ක් වන අතර දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධස්ථානයට ලැබි තිබු පැමිණිලි සංඛ්‍යාව 5759ක් බවයි මැතිවරණ කොමිසන් සභාව නිවේදනය කර සිටියේ.

එමෙන්ම, පොලිසියට මෙතෙක් ලැබි ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 371 ක් වන අතර ඊට අදාලව අත්අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යාව 453ක් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කලේ.

එම පිිරිස අතර මෙවර මහමැතිවරණයට ඉදරිපත් වීමට නියමිත අපේක්ෂකයින් 07 දෙනෙකු ද වනවා. පොලිසියට ලද සමස්ත පැමිණීලි සංඛ්‍යාවට අනුව  පොලිස් භාරයට ගෙන ඇති සමස්ත වාහන සංඛ්‍යාව 137ක්.