ඇසළ පෙරහරේ දිය කැපීමේ මංගල්‍යය අවසන් (වීඩියෝ)

Tuesday, 04 August 2020 - 7:30

%E0%B6%87%E0%B7%83%E0%B7%85+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%84%E0%B6%BB%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B7%90%E0%B6%B4%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29




මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිඟාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ සිව් මහා දේවාලවල දිය කැපීමේ මංගල්‍යය අද අලූයම මහවැලි නදියේ ගැටඹේ තොටේදී සිදුකෙරුණා.

අවසන් රන්දෝලි පෙරහර ඊයේ රාත්‍රී 7.14ට යෙදෙන සුබ මොහොතින් වීථි සංචාරය කෙරුණා. සෑම වසරකදිම දහස් සංඛ්‍යාත ජන සහභාගීත්වයෙන් යුතුව පැවැත්වෙන රන්දෝලි පෙරහර කොරෝනා වසංගතය හේතුවෙන් මෙවර පැවැත්වූයේ ජන සහභාගීත්වයෙන් තොරවයි.

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ පෙරහර මංගල්‍යය අවසන් වන්නේ අද දහවල් පෙරහරින්.

ඉන් අනතුරුව දියවඩන නිලමේවරයා විසින් පෙරහර සාර්ථකව නිමාවට පත්වූ බව ජනාධිපතිවරයා වෙත සංදේශයකින් දැනුම් දෙනු ඇති.