මාතර - අපරැක්ක ප්‍රදේශයේ අනතුරකින් කාන්තාවන් දෙදෙනෙක් මරුට

Tuesday, 04 August 2020 - 8:47

%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B6%BB+-+%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ඇඟළුම් සේවිකාවන් ප්‍රවාහනය කරන බස් රථයක් සහ වෑන් රථයක් මාතර - තිහගොඩ - අපරැක්ක ප්‍රදේශයේදී එකිනෙක ගැටීමෙන් ඇඟළුම් සේවිකාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

අද උදෑසන 6.10 ට පමණ සිදුවූ මෙම අනතුරෙන් තවත් ඇගලූම් සේවිකාවන් 5 දෙනෙකු තුවාල ලැබූ අතර, ඔවුන් මාතර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මියගොස් ඇත්තේ අවුරුදු 35 සහ 43 ක් වන වයස්වල පසුවන බෙලිඅත්ත සහ පුහුල්වැල්ල ප්‍රදේශවල පදිංචිකාරිනියන්.

සිද්ධිය සම්බන්ධයෙන් වෑන් රථයේ සහ බස් රථයේ රියදුරන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔවුන් අද මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

මේ අතර, අද උදෑසන සීදුව - කුරණ ප්‍රදේශයේ නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වී නිවැසියන්ට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙකු, ඇතුළු 17 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර වාහන 3 ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පොලීසිය සදහන් කළේ කුලී නිවසක සිටි පිරිසක් ඉන් ඉවත් කිරීමට නිවසෙහි අයිතිකරු මෙලෙස පිරිසක් සමඟ පැමිණ ඔවුන්ට පහර දී ඇති බවයි.








Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories