වාස් ගුණවර්ධනට එරෙහි නඩුවේ බොරු සාක්ෂි ලබාදීම සම්බන්ධයෙන් තවත් පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට (වීඩියෝ)

Tuesday, 04 August 2020 - 10:19

%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B6%E0%B7%9C%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට එරෙහි නඩු කටයුත්තකට අදාළව බොරු සාක්ෂි ලබාදීම සම්බන්ධයෙන් උප පොලිස් පරීක්ෂකවරයෙකුද කොළඹ අපරාධ කොට්ඨාසය මගින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇඹිලිපිටිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පෝද්දල ප්‍රදේශයේ පදිංචි මෙම උප පොලිස් පරීක්ෂකවරයා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා කැඳවනු ලැබුවා.

එහිදී අදාළ ප්‍රකාශය සටහන් කරගැනීමෙන් පසු සැකකරු ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

මෙම සිද්ධියට අදාළව පසුගිය මස 31 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකර කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගත් අතර, ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඔහු ලබන හත්වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories