කොරෝනා ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියාගෙන් විශේෂ ප්‍රකාශයක්

Tuesday, 04 August 2020 - 10:59

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
කොවිඩ් 19 වෛරසයට එරෙහිව එන්නතක් පිළිබඳ බලාපොරොත්තු පළවුවද එවැන්නක් කිසිදින හමුනොවීමටද ඉඩ ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් ගෙබ්‍රියේසස් පවසනවා.

ජිනීවා නුවර ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඒ අනුව කොරෝනා මැඩලීමේ රිදී උණ්ඩයක් නොමැති බවයි.

කෙසේ නමුත් වෛරසයේ ව්‍යාප්තිය නතර කිරීම සඳහා ලොව පුරා ජනතාව සමාජ දුරස්ථභාවය රකිමින්, දෑත් සෝදමින්, මුඛ ආවරණ පළඳිමින් ගනු ලබන පියවර ඔහුගේ පැසසුමට ලක්වුණා.

එම සියලූ දෑ කොරෝනා මර්දනයට අත්‍යවශ්‍ය බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා සඳහන් කළේ.

ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට එක්කෝටි 84 ලක්ෂය ඉක්මවා ඇති අතර, මරණ සංඛ්‍යාව හයලක්ෂ 96,795 ක්.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් ගෙබ්‍රියේසස් කියා සිටියේ කොරෝනා වෛරසයේ මූලාරම්භය පිළිබඳව සිදු කෙරෙන පර්යේෂණයේ මූලික කටයුතු මේ වනවිට අවසන් වී ඇති බවයි.

වූහාන් හි දි සත්වයන් වෙතින් මෙම වෛරසය මිනිසාට ආසාදනය වී ඇති බව මූලික අදහස වන අතර, ඊට අදාළ පූර්ව අධීක්ෂණ සිදුකිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයන් කණ්ඩායමක් පසුගියදා චීනයට පැමිණියා.

එහිදී ඔවුන් කොරෝනා වෛරසයේ මූලාශ්‍ර පිළිබඳව වැඩිදුරටත් වසංගත රෝග විද්‍යා පර්යේෂණ සිදුකරනු ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා සඳහන් කළේ.

මේ අතර කොරෝනා වෛරසයට එරෙහිව තමන් සංවර්ධනය කළ එන්නතේ මහා පරිමාණ නිෂ්පාදන කටයුතු ලබන මාසයේ සිට ආරම්භ කරන බව රුසියාව ප්‍රකාශ කළා.

ඒ සඳහා අනුමැතිය ලබාගැනීම ඉදිරි දින 10 තුළ සිදු කිරීමට අපේක්ෂා කරන අතර, ලබන වසර වනවිට මිලියන සංඛ්‍යාත එන්නත් මාත්‍රා නිපදවීමට හැකිවනු ඇති බවයි රුසියානු කර්මාන්ත අමාත්‍ය ඩෙනිස් මන්ටුරොව් ප්‍රකාශ කළේ.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories