සමස්ථ ඡන්ද ප්‍රතිඵලය 6 වනදා මැදියම් රැයට පෙර - මනාප ප්‍රතිඵලත් හත්වනදා මධ්‍යම රාත්‍රිය වනවිට

Tuesday, 04 August 2020 - 11:12

%E0%B7%83%E0%B6%B8%E0%B7%83%E0%B7%8A%E0%B6%AE+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B5%E0%B6%BD%E0%B6%BA+6+%E0%B7%80%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB+-++%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%B4+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B5%E0%B6%BD%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8+%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B6%B1%E0%B7%80%E0%B7%92%E0%B6%A7
හෙට පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡුන්ද පෙට්ටි නිකුත් කිරීම අද පෙරවරුවේ සිදු කෙරුණා.

ඒ අනුව බොහෝ දිස්ත්‍රික්කවල ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන් වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම මේ වනවිට අවසන් අදියරේ පවතින බවටයි වාර්තාවන්නේ.

කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම අද පෙරවරුවේ සිදු කෙරුණේ කොළඹ රාජකීය විද්‍යාලය සහ ඞී.එස්. සේනානායක විද්‍යාලයේ පිහිටුවා ඇති මධ්‍යස්ථානවලදියි.  

ගම්පහ දිස්ත්‍රික්කයේ ඡුන්ද මධ්‍යස්ථානවලට අදාළ ඡුන්ද පෙට්ටි, නිලධාරීන්ද සමග පිටත් කර හැරීමේ කටයුතුද සිදු කෙරුණු අතර, කළුතර දිස්ත්‍රික්කය සඳහා ඡන්ද පෙට්ටි නිකුත් කෙරුණේ පස්දුන් රට අධ්‍යාපන විද්‍යා පීඨයේදියි.

මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථානවලට අදාළ ඡන්ද පෙට්ටි නිකුත් කිරීම පොල්ගොල්ල විවෘත විශ්වවිද්‍යාලය, සමුපකාර විද්‍යාලය සහ පොල්ගොල්ල අධ්‍යාපන විද්‍යා පීඨය යන ස්ථානවලදී අද පෙරවරුවේ ආරම්භ වුණා.

එසේම නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථානවලට අදාළ ඡුන්ද පෙට්ටි බෙදාහැරීම සිදු කෙරුණේ නුවරඑළිය ගාමිණී ජාතික පාසල, ත්‍රිත්ව විද්‍යාලය සහ කාර්මික විද්‍යාලයේ සිටයි.

මාතලේ දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථානවලට අදාළ ඡුන්ද පෙට්ටි ක්‍රිස්තුදේව විද්‍යාලය සහ සංඝමිත්තා විද්‍යාලයේ සිට බෙදාහැරීම සිදු කෙරුණා.

ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන සඳහා ඡන්ද පෙට්ටි නිකුත් කිරීම ශාන්ත ඇලෝසියස් සහ සවුත්ලන්ඞ් බාලිකා විද්‍යාලවලදී සිදු කෙරුණා.

මේ අතර දිගාමඩුල්ල දිස්ත්‍රික්කය සඳහා ඡන්ද පෙට්ටි අදාළ නිලධාරීන් සමඟ ඡුන්ද මධ්‍යස්ථාන වෙත පිටත් කර හැරීමේ කටයුතු අද පෙරවරුවේ සිදු කෙරුණේ අම්පාර හාඩි තාක්ෂණ විද්‍යාලයේදියි.

රත්නපුර දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 634 සඳහා ඡුන්ද පෙට්ටි නිකුත් කිරීම සිදු කෙරුණේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, තාක්ෂණ විද්‍යාලය සහ සුමන බාලිකා විද්‍යාලය යන ස්ථානවල පිහිටුවා ඇති මධ්‍යස්ථානවලදියි.

එසේම කෑගල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි වෙත අදාළ නිලධාරීන් සමග‘ පිටත් කර හැරීමේ කටයුතු කෑගල්ල බාලිකා විද්‍යාලයේදී සහ ස්වර්ණජයන්ති විද්‍යාලයේදී සිදු කෙරුණා.

වවුනියාව - ඉරට්ටපෙරියකුලම පැරකුම් මහා විද්‍යාලයේ ස්ථාපිත කර තිබූ ඡන්ද මධ්‍යස්ථානය දෙබර වද හේතුවෙන් ඉරට්ටපෙරියකුලම ප්‍රාදේශීය සභා නිවාඩු නිකේතනය වෙත මාරු කිරීමට තීරණය කළ බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සමන් බන්දුලසේන ප්‍රකාශ කළා.

ගම්පහ - සියනෑ අධ්‍යාපන විද්‍යා පීඨයේ පැවති ඡන්ද පෙට්ටි නිකුත් කිරීමේ අවස්ථාවට  මැතිවරණ කොමිසම් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය එක්ව සිටියා.

ඔහු කියා සිටියේ මහ මැතිවරණයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය අනිද්දා මධ්‍යම රාත්‍රියට පෙර සහ මනාප ප්‍රතිඵල හත්වනදා මධ්‍යම රාත්‍රියට පෙර නිකුත් කිරීමට අපේක්ෂා කරන බවයි.

එසේම සියලූ ඡන්ද මධ්‍යස්ථාන ඉලක්ක කරගනිමින් අද පස්වරු තුනට මැතිවරණ පෙරහුරුවක් පැවැත්වීමට නියමිත බවද මැතිවරණ කොමිසම් සභාපතිවරයා සඳහන් කළා.

එසේම අද සිට ලබන හත්වනදා දක්වා කාලය තුළ ආපදා කටයුතු වෙනුවෙන් ඒකාබද්ධ මැතිවරණ විශේෂ ඒකකයක් ස්ථාපිත කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළා.

මේ අතර දිවයින පුරා තෝරාගත් තැපැල් කාර්යාල කිහිපයක් අද සහ හෙට අතිරේක පැය කිහිපයක් විවෘත කිරිමට තීරණය කර තිබෙනවා.

මැතිවරණ රාජකාරි සඳහා පැමිණෙන නිලධාරීන්ගේ පහසුව වෙනුවෙන් අදාළ තැපැල් කාර්යාල අද රාත්‍රී 8 වනතුරු විවෘත කර තබන ලෙස උපදෙස් ලබාදී ඇති බවයි තැපැල්පති රංජිත් ආරියරත්න සඳහන් කළේ.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories