ඇමරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළාසන්න කැරොලයිනා ප්‍රදේශයට හමා එන ඉසායස් සුළි සුළඟ හේතුවෙන් එහි හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
උතුරු සහ දකුණු කැරොලයිනා ප්‍රාන්ත කොරෝනා වෛරස් ගෝලීය වසංගතයෙන්ද පීඩාවට ලක්ව ඇති අතර, සුළි සුළඟට එරෙහිව ක්‍රියාත්මක වන ආරක්ෂක පියවරවලදීද නිරෝධායන නීති පිළිපදින ලෙසයි බලධාරීන් උපදෙස් ලබාදී ඇත්තේ.
සුළි සුළඟ මෙන්ම ජල ගැලීම් තත්ත්වයට මුහුණදීම සඳහා කඩිනමින් නික්මීමේ මෙවලම් පසුම්බියක් සකසා ගන්නා ලෙසද ඔවුන්ට දැනුම්දී තිබෙනවා.
ඊට දෑත් විෂබීජානුහරණය කිරීමේ ද්‍රව්‍ය, සබන්, මෙන්ම එක් පුද්ගලයෙකු සඳහා අවම වශයෙන් මුඛ ආවරණ දෙක බැගින් ඇතුළත් විය යුතුයි.
එමෙන්ම තාවකාලික රැඳවුම් කඳවුරුවලදී නිරතුරුව දෑත් පිරිසිදු කිරීම, නිවසේ නොවන පුද්ගලයන් අතර අවම වශයෙන් අඩි හයක පරතරයක් තබා ගැනීම මෙන්ම ආහාරපාන බෙදා නොගැනීමද එලෙස ලබාදී ඇති උපදෙස්වලට ඇතුළත්.

Follow US
Most Viewed Stories