කොරෝනා පාලනය කර ඇති බව වසංගත රෝග විද්‍යා අංශය කියයි (වීඩියෝ)

Tuesday, 04 August 2020 - 12:59

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B7%80+%E0%B7%80%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%AD+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F+%E0%B6%85%E0%B6%82%E0%B7%81%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


මේ වනවිට මෙරට කොරෝනා වසංගත තත්ත්වය මනාව පාලනය කර ඇති බවට උපකල්පනය කළ හැකි බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද සම්බන්ධයෙන් දැඩි සැළකිල්ලෙන් පසුවන ලෙසයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේ.

මේ අතර දැනට පවතින නව තාක්ෂණය අනුව කොරෝනා වෛරසයට අදාළ පරීක්ෂණ සිදුකිරීම සදහා යාවත්කාලීන නවීන උපකරණ ලබා දිය යුතු බව සෞඛ්‍ය වෘත්තිය වේදීන්ගේ විද්වත් කමිටුව පවසනවා.

එහි සභාපති රවි කුමුදේශ් ප්‍රකාශ කළේ එවැනි පහසුකම් ලබා දෙන්නේ නම් අදාල පරීක්ෂණ අඩු කාලයකදී සිදුකිරීමට හැකි වන බවයි.

එමෙන්ම, කටුනායක ගුවන් තොටුපලේ ස්ථාපිත කර ඇති වෛද්‍ය පරීක්ෂණ රසායනාගාරයට ලබා දිය යුතු ස්වයංක්‍රීය පී.සී.ආර් පරීක්ෂණ යන්ත්‍රය මෙතෙක් ලබාදී නොමැති  බවද ඔහු කියා සිටියා.

මේ අතර, කොරෝනා වෛරසය හේතුවෙන් දිවයිනට පැමිණිමට නොහැකි වු විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවා නොමැති බව ජනාධිපති අතිරේක ලේකම් විදේශ සබදතා අද්මිරාල් ජයනාත් කොළඹගේ පවසනවා.

ඔහු සදහන් කළේ ලබන 08 වන දා ඩුබායි සිට තවත් ශ්‍රී ලාංකිකයින් 800 දෙනෙකු දිවයිනට ගෙන්වා ගැනීමට නියමිත බවයි.

මේ අතර නව අසාදිතයින් 05 දෙනෙකු ඊයේ වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2828 ක් දක්වා ඉහළ ගියා.

කොරෝනා අසාදනය වී සිටි 2517 දෙනෙකු මේ වන විට සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවත් 300 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය  යටතේ පසුවනවා.

මේ අතර ලොව පුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට එක්කෝටි 84 ලක්ෂය ඉක්මවා ඇති අතර, මරණ සංඛ්‍යාව හයලක්ෂ 97,000 කට අධිකයි.

එමෙන්ම වැඩිම ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව වාර්තාවන ඇමරිකා එක්සත් ජනපදයෙන් ඉදිරි සති තුන තුළ කොරෝනා මරණ 19,000 ක් සිදුවිය හැකි බවට එරට වසංගත රෝග විද්‍යා අංශ අනතුරු අඟවනවා.