උතුරු කොරියාව මිසයිලවලට යෙදිය හැකි න්‍යෂ්ටික අවි නිපදවා ඇති බවට, ජගත් සංවිධාන වාර්තාවක්

Tuesday, 04 August 2020 - 13:06

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%BD%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%BA%E0%B7%99%E0%B6%AF%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92+%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%82%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%B4%E0%B6%AF%E0%B7%80%E0%B7%8F+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7%2C+%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
උතුරු කොරියාව සිය න්‍යෂ්ටික අවි සංවර්ධන වැඩසටහන අඛන්ඩව ක්‍රියාත්මක කරන අතර, ඔවුන් මේ වනවිට මිසයිලයකට සවිකළ හැකි ආකරයේ කුඩා න්‍යෂ්ටික බෝම්බ නිෂ්පාදනය කර ඇතැයි විශ්වාස කළ හැකි බව ජගත් සංවිධාන වාර්තාවක් මගින් පෙන්වා දෙනවා.

උතුරු කොරියාවට එරෙහිව ක්‍රියාත්මක වන ජගත් සංවිධාන සම්බාධක අධීක්ෂණය කිරීමේ ස්වාධීන විශේෂඥ කමිටුවක් මගිනුයි අදාළ වාර්තාව සකස්කර ඇත්තේ.

ඔවුන් සඳහන් කරන පරිදි උතුරු කොරියාව පසුගිය කාලය තුළ සිදුකළ න්‍යෂ්ටික පිපිරීම් 6 ක් මගින් ඒ සඳහා අවශ්‍ය දැනුම අත් කරගෙන තිබෙනවා.

කෙසේ නමුත් 2017 වසරේ සැප්තැම්බරයෙන් පසු උතුරු කොරියාව න්‍යෂ්ඨීක පිපිරීමක් සිදුකර නැහැ.

උතුරු කොරියානු නායක කිම් ජොං අං පසුගියදා ප්‍රකාශ කළේ තම රට දැන් න්‍යෂ්ටික අවියෙන් සන්නද්ධ බැවින් බාහිර තර්ජනවලින් නොසැලෙන අතර, තවත් යුද්ධයකට මුහුණදීමට සිදු නොවනු ඇති බවයි.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories