සෞඛ්‍ය ආරක්ෂිතව ඡන්දය දෙන හැටි (වීඩියෝ)

Tuesday, 04 August 2020 - 13:37

%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD%E0%B7%80+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


හෙට පැවැත්වෙන මහමැතිවරණයේ ඇති විශේෂත්වය ගැනත්, ඡන්ද පොළට යාමට පෙර ඔබ ඉටු කළයුතු සෞඛ්‍ය පිළිවෙත් මොනවාද කියල ඊයේ අප ඔබව දැනුවත් කළා.

ඡන්ද පොළ තුළදී සෞඛ්‍ය නිර්දේශ පිළිපදිමින් නිවැරදිව ඡන්දය භාවිතා කරන්නේ කොහොමද..?

අප ඒ ගැන අද විමසා බලමු.

-    ඡන්ද පොලට යන ඔබට ඔබේ පැරණි මිතුරන්, දන්න හදුනන අය මහමඟදී මුණගැසෙන්න පුළුවන්.
-    නමුත් ඔවුන් සමඟ සතුටු සාමීචියේ යෙදෙන්න මේක හොඳ වෙලාවක් නෙවෙයි.
-    එනිසා හැකි ඉක්මණින් ඔබ පැමිණි කාර්යය ඉටු කරන්න මහන්සිගන්න

ඡන්ද පොල තුලට ගිය පසූ පුද්ගල දුරස්ථභාවය පවත්වාගෙන තමන්ගේ වාරය එනතෙක් ඉවසීමෙන් සිටින්න.

ඒ සඳහා ඔබව හසුරුවන රජයේ නිලධාරීන්ගේ උපදෙස් ක්‍රියාත්මක කරන්න වගබලා ගන්න.

ඡන්ද පොලේ පළමු නිලධාරීයා අසලට යාමට පෙර ඔබට ලැබෙන විෂබීජනාශක දියර වලින් දෑත් පිරිසිදු කර ගැනීමෙන් පසුව ඔබේ අනන්‍යතාව මෙලෙස තහවුරු කළ හැකියි.

ඒ මොහොතේම මුහුණු ආවරණය පසෙකට කර ඔබේ මුහුණ පැහැදිලිව පෙනෙන්නට සැලැස්වීමත් අවශ්‍යයි.

ඔබේ නම ලේඛණයේ ඇති බවට අදාල නිලධාරියා හඩ නගා ප්‍රකාශ කරන අතර ඉන්පසුව ඡන්ද කාඩ්පත ඒ සඳහා වෙන් කර ඇති බදුනට දමන්න.

පසුව නැවතත් විශබීජනාශක දියරවලින් දෑත් පිරිසිදු කර ගැනීමෙන් පසුව එම ස්ථානයේ ඇති ටිෂූ කඩදාසියෙන් දෑත් වියලා ගැනීමට කටයුතු කරන්න.
ඔබේ ඇඟිල්ලේ පාට තවරන්නේ ඉන් පසුවයි.

තම ඇඟිලි අනෙකාගේ ඇඟිලිවලට ස්පර්ශ නොවන සේ තබා ගත යුතු අතර ඔබට එලෙස ඇගිල්ල ඔසවා තබා ගත නොහැකි නම් එහි ඇති ටිෂු කඩදාසියක් ගෙන එය මේසය මත දිගහැර ඒ මත අත තබා පාට තැවරීමට ඉඩදෙන්න.

පසුව එම ටිෂූ කඩදාසිය ඔබ විසින්ම ඒ අසල ඇති බදුනට දමන්න.

අනතුරුව ඡන්ද පත්‍රිකාව ඔබට ලැබෙන අතර ඔබේ අතේ ඇති පෑනෙන් ඡන්දය ලකුණු කර ඡන්ද පෙට්ටියට දමන්න.

ඔබ පෑනක් රැගෙන නොගියොත් ඔබට විෂබීජහරණය කළ පෑනක් පාවිච්චිය සඳහා ලබාදෙනවා.

එම ස්ථානයෙන් බැහැරව යාමට පෙර ලැබෙන විශබීජහරණ දියර වලින් දෑත් පිරිසිදු කරගැනීමටද අමතක කරන්න එපා.

-    ඡන්ද පොලෙන් නික්ම යන ඔබ තැන තැන කල්ලි ගැසී, මිතුරන් සමඟ මාර්ගයේ නොරැඳී හැකි ඉක්මණින් නිවෙස හෝ රාජකාරී ස්ථානයට යාමට කටයුතු කරන්න.

-    නිවෙස තුලට හෝ රාජකාරී ස්ථානයට ඇතුළු වීමට පෙර නැවතත් සබන් යොදා දෑත් පිරිසිදු කර ගැනීම තුලින් ඔබේ ආදරණීයන් වගේම ඔබවත් කොවිඩ් වෛරසයෙන් ඈත් කර තබාවි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories