අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා රිමාන්ඩ්

Tuesday, 04 August 2020 - 13:57

%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%8B%E0%B6%B4+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට එරෙහි නඩු කටයුත්තකට අදාළව බොරු සාක්ෂි නිර්මාණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා ලබන 7 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, සැකකරු අද පෙරවරුවේ ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.

ඇඹිලිපිටිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පෝද්දල ප්‍රදේශයේ පදිංචි මෙම උප පොලිස් පරීක්ෂකවරයා ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කැඳවනු ලැබිමෙන් අනතුරුව ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම සිද්ධියට අදාළව පසුගිය මස 31 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකර කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගත් අතර, ලබන හත්වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.