හෙටත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි

Tuesday, 04 August 2020 - 15:36

%E0%B7%84%E0%B7%99%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
හෙට දිනයේදිත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

සබරගමුව, මධ්‍යම, පළාත් සහ ගාල්ල මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 75 ක පමණ වැසි අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

එමෙන්ම, ත්‍රිකුණාමලය, කන්කසන්තුරේ සිට මන්නාරම, කොළඹ, ගාල්ල, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ඉහළ යාම නිසා එම මුහුදු ප්‍රදේශ රළු විය හැකියි.

එබැවින් ධීවර හා නාවික ප්‍රජාව ඒ පිළිබද අවධානයෙන් කටයුතු කළ යුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.