සම්පායෝ සහ ජේලර්වරුන් 3 දෙනා 18 දක්වා යළි රිමාන්ඩ් (වීඩියෝ)

Tuesday, 04 August 2020 - 16:21

%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%BA%E0%B7%9D+%E0%B7%83%E0%B7%84+%E0%B6%A2%E0%B7%9A%E0%B6%BD%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+3+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+18+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


බන්ධනාගාර රැඳවියන්ට පහසුකම් සැපයීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ සහ ජේලර්වරුන් 3 දෙනා එළඹෙන 18 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය අද නියෝග කළා.

වරෙන්තු නිකුත් කර දින 11කට පසු අනුරුද්ධ සම්පායෝ පෙරේදා කුරුණෑගල දී පොලීසිය අත්අඩංගුවට ගත් අතර ජේලර්වරුන් 3 දෙනා අවස්ථා දෙකකදී පොලීසියට සහ අධිකරණයට භාර වුණා.

ප්‍රධාන ජේලර්වරුන් වන සරත් බණ්ඩාර, නිශාන්ත සේනාරත්න සහ ජේලර් කාලිංග කළුඅග්ගල ඒ අතර සිටිනවා.