ඡන්ද පෙට්ටි බෙදා හැරීමේ කටයුතු සියයට 80ක් අවසන්

Tuesday, 04 August 2020 - 16:30

%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B4%E0%B7%99%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%92+%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%8F+%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7+80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A
මහමැතිවරණයට අදාළව ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි බෙදාහැරීමේ කටයුතු 80% ක් පමණ අවසන් වී තිබෙනවා.

කොළඹ අද පස්වරුවේ පැවති  මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න කියා සිටියේ අද පස්වරු 2.30 ට වනවිට දිවයින පුරා පිහිටි පොලිස් කොට්ඨාශ 44 න් 17 ක් වෙත ඡන්ද පෙට්ටි බෙදාහැරීම අවසන් කර ඇති බවයි.