ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ නිරෝධායන නීති රැකීමට හමුදාව

Tuesday, 04 August 2020 - 16:35

%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%A7%E0%B7%9D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80
කොවිඩ් 19 දෙවැනි රැල්ලක් ඇතිවීමත් සමග වසා දැමුණු  ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ නිරෝධායන නීති ක්‍රියාත්මක කිරීම සඳහා හමුදාව යෙදවීමට පියවර ගෙන තිබෙනවා.

ස්වයං නිරෝධායන නීති ක්‍රියාත්මක කිරීම සඳහා එලෙස හමුදා සාමාජිකයින් 500 ක් පමණ යොදවන බවයි ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ඩැනියෙල් ඇන්ඩෲස් ප්‍රකාශ කළේ.

එමෙන්ම, හදිසි ප්‍රතිකාර අවශ්‍යතා හැර වෙනත් කිසිදු හේතුවක් නිසා නිවසෙන් නික්මෙන පුද්ගලයෙකුට ඕස්ට්‍රේලියානු ඩොලර් 5000 ක දඩයක් ද පැනවෙනවා.

එලෙස දෙවනවර වරදට හසුවන පුද්ගලයෙකුට පනවන දඩය ඩොලර් 20,000 ක්.  

ඕස්ට්‍රේලියාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 19,000 ක් පමණ වන අතර, මරණ 232 ක් ද වාර්තා වුණා.

ඉන් ආසාදිතයන් 12,000ක් පමණ වාර්තා වන්නේ මෙල්බන් නුවර ඇතුළත් වික්ටෝරියා ප්‍රාන්තයෙන්.