STF වැටලූ ගංජා හේන් හේනක් ආයුර්වේද දෙපාර්තමේන්තුවට (වීඩියෝ)

Tuesday, 04 August 2020 - 17:13

STF+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B6%BD%E0%B7%96+%E0%B6%9C%E0%B6%82%E0%B6%A2%E0%B7%8F+%E0%B7%84%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%9A%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A+%E0%B6%86%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B7%9A%E0%B6%AF+%E0%B6%AF%E0%B7%99%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29



කෝටියක් වටිනා ගංජා හේන් හතරක් සමග සැකකරුවන් දෙදෙනෙකු සූරියවැවදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හම්බෙගමුව, අළුත්වැව, කිළිඹූන්න කැලෑ ප්‍රදේශයේ සිදුකල වැටලීමකදීයි මෙම ගංජා හේන් 04 සොයාගෙන ඇත්තේ.

අක්කර භාගය බැගින් වු ඉඩම් කැබලි 04ක ඉතා සූක්ෂම ලෙස සැකකරුවන් මෙම ගංජා හේන් වගාකර ඇති බැවයි වාර්තාවන්නේ.

සැකකරුවන් කෙසෙල් වගාකරන මුවාවෙන් මෙම ගංජා හේන් පවත්වාගෙන ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

මෙහිදී අඩි 10ක් පමණ උසට වැඩී නෙලීමට ආසන්නව තිබුණු අක්කර භාගයක එක් ගංජා හේනක් ආයුර්වේද දෙපාර්තමේන්තුවට ලබා දිමට විශේෂ කාර්ය බළකා නිළධාරීන් කටයුතු කල අතර අඩි 4 හා 5 ප්‍රමාණයේ පැවති අනෙක් ගංජා හේන් තුන විශේෂ කාර්ය බළකා නිළධාරීන් විසින් ගලවා ගිණි තබා විනාශ
කිරීමට පියවර ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අළුත්වැව පදිංචි 58 සහ 24 හැවිරිදි වියේ පසුවන්නන් බවයි සඳහන් වන්නේ.

මෙහෙයුම සිදුකළ සූරියවැව විශේෂ කාර්ය බලකා සෙබළුන් විසින් සැකකරුවන් වැඩිදුර විමර්ෂණ කටයුතු සදහා හම්බෙගමුව පොලිස් ස්ථානයට බාරදී තිබෙනවා.