ස්පාඤ්ඤයේ ජුවාන් කාලෝස් රජු රට හැර යයි

Tuesday, 04 August 2020 - 17:17

%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%A4%E0%B7%8A%E0%B6%A4%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%9D%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A2%E0%B7%94+%E0%B6%BB%E0%B6%A7+%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
දශක 4ක් ස්පාඤ්ඤයේ කිරුළ හෙබවූ ජුවාන් කාලෝස් රජු රට හැර ගොස් තිබෙනවා.

82 හැවිරිදි ඔහු මීට සය වසරකට පෙර සිය පුත් ෆෙලීපේ කාලෝස් වෙත රජ කිරුළ භාර දුන් අතර, ඔහු නික්මුණු රට ප්‍රසිද්ධියට පත් කර නැහැ.

එහෙත් ස්පාඤ්ඤ පුවත්පත් වාර්තා සඳහන් කළේ හිටපු රජු ඩොමිනිකන් ජන රජය වෙත ගොස් ඇති බවයි.

2014 වසරේ කිරුළ අත්හැරීමෙන් පසු ඔහුට විරුද්ධව මූල්‍ය දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ස්පාඤ්ඤ ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.

ඒ, සෞදි අරාබියේ අධිවේගී දුම්රිය මාර්ග ව්‍යාපෘතියක් ස්පාඤ්ඤයට ලබා ගැනීමට අදාළවයි.

ඒ සම්බන්ධයෙන් ඔහුගේ ස්විස් බැංකු ගිණුම් ද පරීක්ෂා කර ඇති බව සඳහන්.

කෙසේ නමුත්, 1975 වසරේ ආඥාදායක ජෙනරාල් ෆ්‍රැන්කෝ මිය ගිය පසු ස්පාඤ්ඤයේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සම්බන්ධයෙන් ඔහුට හිමිව ඇත්තේ කීර්ති නාමයක්.

රට හැර ගිය ද ස්පාඤ්ඤ නීති අංශවල පරීක්ෂණ සඳහා අවශ්‍ය වේ නම්, තමා ඊට සූදානම් බවයි හිටපු රජු ජුවාන් කාලෝස් ප්‍රකාශ කර ඇත්තේ.