අල්ලස් ලබා ගත් ප්‍රාදේශීය සභා කාර්යාල සහායකවරයෙකුට සිරදඬුවම්

Tuesday, 04 August 2020 - 18:58

%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD+%E0%B7%83%E0%B7%84%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8A
ඉඩමක් පවරා ගැනීම සඳහා ලිපියක් සකස් කරදීමට රුපියල් 2000 ක අල්ලස් මුදලක් ලබා ගත් බොරලැස්ගමුව ප්‍රාදේශීය සභාවේ කාර්යාල කාර්ය සහයකවරයෙකුට කොළඹ මහාධිකරණය වසර දෙකක සිරදඬුවම් නියම කර තිබෙනවා.

මෙම පුද්ගලයා මොරටුව - ඉඳිබද්දන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගෙන් මෙම අල්ලස් මුදල ලබා ගෙන ඇති බව සඳහන්.

ඊට අදාළ නඩුව පසුගිය 28 වනදා කොළඹ මහාධිකරණයේ කැඳවූ අවස්ථාවේදී මෙම තීන්දුව ලබාදී ඇති අතර, එහිදී රුපියල් 50,000 ක දඩ මුදලක් ගෙවන ලෙසටද මහේස්ත්‍රාත්වරයා නියම කර තිබෙනවා.

ඊට අමතරව, එම චූදිතයාට අල්ලස් ලබා ගැනීමට ආධාර අනුබල ලබා දුන් තවත් පුද්ගලයෙකුට වසර 10 ක අත්හිටවූ සිරදඩුවම් සහ රුපියල් 10,000 ක දඩයක් ගෙවන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේ.