ඡන්ද පෙට්ටි බෙදා හැර අවසන් (වීඩියෝ)

Tuesday, 04 August 2020 - 19:35

%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B4%E0%B7%99%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%92+%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%8F+%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


මහ මැතිවරණය සඳහා ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි නිකුත් කිරීම අද පෙරවරුවේ සිදු කළ අතර ඉන් පසු එම මධ්‍යස්ථාන ආශ්‍රිතව විශේෂ ඡන්ද පෙරහුරුවක්ද සිදුකෙරුණා.  

ඒ අනුව, පූර්ණ පොලිස් ආරක්ෂාව යටතේ ජන්ද පෙට්ටි අදාල ජන්ද මධ්‍යස්ථාන වෙත රැගෙන යාම මේ වන විට අවසන් වි තිබෙනවා.

කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම කොළඹ රාජකීය විද්‍යාලය සහ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ පිහිටුවා ඇති මධ්‍යස්ථානවල සිට සිදුකෙරුණු අතර ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථානවලට අදාළ ඡන්ද පෙට්ටි, නිලධාරීන්ද සමග පිටත් කර හැරීම ද අවසන් බවයි ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් සඳහන් කළේ.

ගම්පහ - සියනෑ අධ්‍යාපන විද්‍යා පීඨයේ සිට ඡන්ද පෙට්ටි නිකුත් කිරීමේ කටයුතු නිරීක්ෂණයට මැතිවරණ කොමිසම් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ද එක්ව සිටියා.

කළුතර දිස්ත්‍රික්කය සඳහා ඡුන්ද පෙට්ටි නිකුත් කිරීම පස්දුන් රට අධ්‍යාපන විද්‍යා පීඨයේදී සිදුකෙරුණා.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථානවලට අදාළ ඡුන්ද පෙට්ටි බෙදාහැරීම සිදු කෙරුණේ නුවරඑළිය ගාමිණී ජාතික පාසල, ත්‍රිත්ව විද්‍යාලය සහ කාර්මික විද්‍යාලයේ සිටයි.

මාතලේ දිස්ත්‍රික්කයේ ඡුන්ද මධ්‍යස්ථානවලට අදාළ ඡන්ද පෙට්ටි නිකුත් කිරීම ක්‍රිස්තුදේව විද්‍යාලය සහ සංඝමිත්තා විද්‍යාලයේ සිට සිදු කෙරුණා.

මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 890ක් සදහා අදාළ ඡන්ද පෙට්ටි නිකුත් කිරීම පොල්ගොල්ල විවෘත විශ්වවිද්‍යාලය, සමුපකාර විද්‍යාලය සහ පොල්ගොල්ල අධ්‍යාපන විද්‍යා පීඨය යන ස්ථානවලදී අද සිදුකෙරුණු බවයි දිස්ත්‍රික් ලේකම් තිස්ස කරුණාරත්න සදහන් කලේ.

මේ අතර, ගාල්ල හියාරේ ප්‍රදේශයේදී උඩුගම ප්‍රදේශයට ජන්ද පෙට්ටි ප්‍රවාහනය කරමින් තිබූ බස්රථයක් ත්‍රීරෝද රථයක ගැටී අනතුරට ලක්වුණා.

ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 712ක් සඳහා ඡන්ද පෙට්ටි නිකුත් කිරීම ශාන්ත ඇලෝසියස් සහ සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලවලදී සිදු කෙරුණු බවයි දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සෝමරත්න විදානපතිරණ කියා සිටියේ.

මේ අතර, දිගාමඩුල්ල දිස්ත්‍රික්කය සඳහා ඡන්ද පෙට්ටි අදාළ නිලධාරීන් සමඟ ඡන්ද මධ්‍යස්ථාන වෙත පිටත් කර හැරීමේ කටයුතු අද පෙරවරුවේ සිදු කෙරුණේ අම්පාර හාඩි තාක්ෂණ විද්‍යාලයේදියි.

රත්නපුර දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 634 සඳහා ඡන්ද පෙට්ටි නිකුත් කිරීම සිදු කෙරුණේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, තාක්ෂණ විද්‍යාලය සහ සුමන බාලිකා විද්‍යාලය යන ස්ථානවල පිහිටුවා ඇති මධ්‍යස්ථානවලදියි.

වවුනියාව - ඉරට්ටපෙරියකුලම පැරකුම් මහා විද්‍යාලයේ ස්ථාපිත කර තිබූ ඡන්ද මධ්‍යස්ථානය දෙබර වද හේතුවෙන් ඉරට්ටපෙරියකුලම ප්‍රාදේශීය සභා නිවාඩු නිකේතනය වෙත මාරු කිරීමට තීරණය කළ බවයි දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සමන් බන්දුලසේන කියා සිටියේ.

ඡන්ද මධ්‍යස්ථාන 307ක් සදහා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඡන්ද පෙට්ටි බෙදා හැරීම විපුලානන්ද මහවිද්‍යාලයේදි සිදු කෙරුණු බවයි දිස්ත්‍රික් ලේකම් අසංක අබේවර්ධන සදහන් කලේ.

යාපනය දිස්ත්‍රීක්කයේ ඡන්ද මධ්‍යස්ථාන සදහා ඡන්ද පෙට්ටි බෙදාහැරීම ද සාර්ථකව සිදුවු බව දිස්ත්‍රික් ලේකම් කේ.මහේ්ෂන් ප්‍රකාශ කර සිටියා.