අංගොඩ ලොක්කාගේ ඡායාරූප සැසදේ

Tuesday, 04 August 2020 - 19:42

%E0%B6%85%E0%B6%82%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%BD%E0%B7%9C%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4+%E0%B7%83%E0%B7%90%E0%B7%83%E0%B6%AF%E0%B7%9A
ඉන්දියාවේදී මියගොස් ඇති බවට වාර්තා වන මද්දුමගේ චන්දන ලසන්ත පෙරේරා හෙවත් අංගොඩ ලොක්කා එරටදී භාවිත කළ හැඳුනුම්පතේ ඡායාරූපය, ඔහුගේ සැබෑ ඡායාරූපය සමග සැසඳී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා අනාවරණ කරනවා.

කොයිම්බතූර් පොලීසියේ උසස් නිලධාරියෙකු ද අද හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ මොහු මියගොස් ඇති බවට මේ වනවිට තහවුරු වී ඇති බවයි.

කෙසේ වෙතත්, සැකකටයුතු ලෙස ඔහු මියයාම සම්බන්ධයෙන් වන පරීක්ෂණ ඊයේ ඉන්දීය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය වෙත භාරදී ඇති බව ඔහු කියා සිටියා.

අංගොඩ ලොක්කා ඉන්දියාවේදී මියගොස් ඇති බවට මීට සති කිහිපයකට පෙර මෙරට මාධ්‍ය මගින් මුල් වරට වාර්තා කළ අතර, ඊයේ ද හින්දු පුවත්පත ඇතුළු ඉන්දීය මාධ්‍ය ද අනාවරණ කළේ අංගොඩ ලොක්කා ඉන්දියාවේ කොයිම්බතූර්හි රෝහලකදී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

පසුගිය 3 වනදා කොයිම්බතූර්හි සිය නිවසේ රැඳී සිටින අවස්ථාවක සිහිසුන්ව බිම ඇද වැටීම හේතුවෙන් ඔහු සමග සිටි අමානි දාංජි නමැති කාන්තාව අංගොඩ ලොක්කාව රෝහල් ගත කර ඇති බව ඒවායේ දක්වා තිබුණා.

පසුගිය වසර 3 ක කාලය තුළ ඔහු සැබෑ නාමය වසන් කරමින් ආර්.ප්‍රදීප්සිං යන නාමයෙන් පෙනී සිට තිබෙනවා.

කෙසේ වෙතත්, ඉන්දීය මාධ්‍යය වාර්තා කළේ එම පුද්ගලයාගේ සමග රැඳී සිටි අමානි දාංජි නමැති කාන්තාවට අමතරව, 37 හැවිරිදි සිවාගම සුන්දරී, 32 හැවිරිදි දිනේෂ්වරන්, යන සැකකරුවන් පසුව අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඒ සත්‍යය වසන් කරමින් අංගොඩ ලොක්කාගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණයකට ද ලක් කරමින් ආදාහනය කිරීම සම්බන්ධයෙන්.

කෙසේ වෙතත්, අංගොඩ ලොක්කා ඝාතනයට ලක්වූයේ ද, නැතහොත් ස්වභාවිකව ජිවිතක්ෂයට පත්වූයේ ද යන්න තවමත් හෙළි වී නැහැ.

මේ අතර, අප කළ විමසීමකදී වැඩබලන පොලිස්පති සී.ඞී. වික්‍රමරත්න සඳහන් කළේ අංගොඩ ලොක්කා මියගිය බවට මෙතෙක් දැනුම්දීමක් සිදුකර නොමැති බවයි.