දළදා සමිදුන් වෙනුවෙන් පැවරී ඇති වගකීම නොපිරිහෙළා ඉටුකරනවා (වීඩියෝ)

Tuesday, 04 August 2020 - 22:31

%E0%B6%AF%E0%B7%85%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B7%80%E0%B6%BB%E0%B7%93+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B6%9C%E0%B6%9A%E0%B7%93%E0%B6%B8+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%8F+%E0%B6%89%E0%B6%A7%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


කොවිඩ් 19 වසංගතයට මුහුණ දුන්නද දළදා සමිදුන් වෙනුවෙන් සිදුකරන පුද සත්කාර මඟහැරිය නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මේ අදහස් පළ කළේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍ය සාර්ථකව නිමා වූ බවට ජනාධිපතිවරයාට දැනුම්දීමේ උත්සවයට සහභාගි වෙමින්.

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ මංගල්‍ය සාර්ථකව නිමාවට පත් වූ බව සැලකරමින් සාම්ප්‍රදායිකව ජනාධිපතිවරයාට භාර දෙන පෙරහැර සංදේශය, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ප්‍රමුඛ නිලමේවරුන් විසින් අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාරදුන්නා.