9 වන පාර්ලිමේන්තුවට මන්ත්‍රිවරුන් තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම අද - මැතිවරණ කොමිෂන් විශේෂ ඉල්ලීමක්

Wednesday, 05 August 2020 - 6:28

9+%E0%B7%80%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9D%E0%B6%BB%E0%B7%8F+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B7%83%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%AF+-+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%82%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන පාර්ලිමේන්තුවට මන්ත්‍රිවරුන් තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම අද පෙරවරු 7.00ට ආරම්භ වනවා.

ඒ අනුව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වලංගු හැඳුනුම්පතක් සහ මුහුණු ආවරණ පැළඳගෙන ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

දිවයින පුරා මධ්‍යස්ථාන 12,985 කදී ඡන්දය ප්‍රකාශ කිරීමට ලියාපදිංචිවී සිටින ඡන්දදායකයින් සංඛ්‍යාව එක්කෝටි හැට දෙලක්ෂ හැටතුන්දහස් අටසිය අසූපහක්.  

2020 මහමැතිවරණය සඳහා මෙවර මැතිවරණ දිස්ත්‍රික්ක 22 කෙන් අපේක්ෂකයින් 7452 දෙනෙක් ඉදිරිපත්ව සිටින්නේ පිළිගත් දේශපාලන පක්ෂ 20 ක් හා ස්වාධීන කණ්ඩායම් 34 ක් නියෝජනය කරමින්.

මැතිවරණ කොට්ඨාස 160ක් වෙනුවෙන් ඔවුන් අතුරින් මන්ත්‍රීවරුන් 196 දෙනෙකු පාර්ලිමේන්තුවට තෝරාපත් කර ගැනීමට නියමිතයි.

හෙට පෙරුවරු 7 ට ආරම්භ වන ඡන්ද විමසීම මධ්‍යස්ථාන 12,985 කදී සිදු කෙරෙනවා.

මෙවර මහමැතිවරණයේදී ඡන්දයදීම සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්දදායකයින් ගණන එක්කෝටි හැට දෙලක්ෂ 63,885 ක්.

ඉන් වැඩිම පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 1,785,964 ක්

කොළඹ දිස්ත්‍රික්කයෙන් ඡන්ද දායකයින් 1709209 දෙනෙකු සුදුසුකම් ලබා ඇති අතර කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඡන්ද දායකයින් 1,348,787ක්ද, මහනුවර දිස්ත්‍රික්කයෙන් 1,129,100 දෙනෙකු ද සුදුසුකම් ලබා සිටිනවා.

අඩුම ඡන්ද දායකයින් ගණනක් වන්නි මැතිවරණ  දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 287,024ක්  

ඡන්ද ගණන් කිරීමේ කටයුතු ඡන්ද විමසිමට පසුදින එනම් අගෝස්තු 6 වනදා උදෑසන 7 සහ 8ට ඒ ඒ දිස්ත්‍රික්කයන්හි ආරම්භ කිරිමට මැතිවරණ කොමිෂන් සභාව විසින් කටයුතු සම්පාදනය කර ඇති අතර අදාළ ගණනය කිරීමේ කටයතු මධ්‍යස්ථාන 77කදී සිදු කිරීමට නියමිතයි.

රට තුළ පවතින කොවිඩ් 19 තත්ත්වය හමුවේ විශේෂ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මෙවර මැතිවරණ පැවැත්වෙන අතර ඡන්ද මධ්‍යස්ථාන විෂබීජහරණය කිරීමේ කටයුතු පසුගියදා සිදු කෙරුණා.

මෙවර මැතිවරණයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 69,000ක් අනියුක්ත කර සිටිනවා.