ලෙබනන් පිපිරීමෙන් මියගිය පිරිස තවත් ඉහළට (වීඩියෝ)

Wednesday, 05 August 2020 - 6:37

%E0%B6%BD%E0%B7%99%E0%B6%B6%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


ලෙබනන් පිපිරීමෙන් 100 කට වැඩි පිරිසක් මියයයි

ලෙබනනයේ බීරුට් අගනුවර සිදුවූ පිපිරීමෙන් පුද්ගලයින් 100කට අධික පිරිසක්  ජීවිතක්ෂයට පත්ව 4000කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා.

එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේ වසර හයක පමණ කාලයක් තිස්සේ ගබඩා කර තිබූ පුපුරණ ද්‍රව්‍ය ගබඩාවක් මෙලෙස පිපිරීමට ලක්ව ඇති බවයි.

පිපිරීමෙන් ගොඩනැගිලි විශාල සංඛ්‍යාවකට හානි සිදුව ඇති අතර, පිපිරීමේ ශබ්දයන්ගේ බලපෑම කිලෝමීටර් 254ක දුරින් පිහිටි සයිප්‍රසය වෙත ද එල්ල වී තිබෙනවා.

පිපිරීමට මූලික හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

ලෙබනන ජනාධිපති මයිකල් අවුන් සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කළ අතර, ඔහු කියා සිටියේ බේරුට් වරායේ අනාරක්ෂිත ලෙස ගබඩා කර තිබූ ඇමෝනියම් නයිට්‍රේට් ටොන් 2,750 කට අධික ප්‍රමාණයක් පුපුරා යාමෙන් මෙම ව්‍යවසනය සිදුව ඇති බවයි.

පිපිරීමට අදාළ නිශ්චිත හේතුව අනාවරණ කර ගැනීම සඳහා පරීක්ෂණයක් ක්‍රියාත්මක බව ලෙබනනයේ ඉහළ පෙලේ ආරක්ෂක කවුන්සිලය නිවේදනය කළා. එසේම, ඊට වගකිව යුත්තන්ට හැකි උපරිම දඬුවම ලබාදීමටද කටයුතු කරන බවද ඔවුන් පවසනවා.

පිපිරීම හේතුවෙන් දින 03 ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමටද ලෙබනන ජනාධිපතිවරයා කටයුතු කර තිබෙනවා.

ලෙබනන් රාජ්‍යයේ සිය ආහාර අවශ්‍යතාව විදේශයන් හි සිට ආනයනය කරන ආහාර මගින් සපුරා ගන්නා අතර, වරායේ ගබඩා කර තිබූ ධාන්‍ය ඇතුළු ආහාර ටොන් දහස් ගණනක් පිපිරීමෙන් විනාශ වී තිබෙනවා.

තුවාල ලැබූ රෝගීන්ගෙන් එරට රෝහල් පිරී ගොස් ඇති අතර, දැවැන්ත ලේ හිඟයක් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories