ඊයේ කොරෝනා ආසාදිතයින් 06 ක් - ලොව පුරා මරණ හත්ලක්ෂය ඉක්මවයි

Wednesday, 05 August 2020 - 7:34

%E0%B6%8A%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+06+%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B7%84%E0%B6%AD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80%E0%B6%BA%E0%B7%92
ලොව පුරා කොරෝනා ආසාදිතයින් එක්කෝටි 86 ලක්ෂ 83,575ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ හත්ලක්ෂ 3135ක් ලෙසයි.

ගත වූ පැය 24 තුළ ඇමරිකාව, බ්‍රසීලය සහ ඉන්දියාවේ දෛනික මරණ සහ ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ අගයක් වාර්තා කර තිබුණා.

ඒ අනුව ඇමරිකාවේ දෛනික මරණ 1344ක් සමඟ සමස්ත මරණ සංඛ්‍යාව එක්ලක්ෂ 60,272ක් දක්වා ඉහළ ගිය අතර, දෛනික ආසාදිතයින් 54,147ත් සමඟ එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වුණේ 49 ලක්ෂ 18,063ක් ලෙසයි.

බ්‍රසීලයේ දෛනික මරණ 1394ත් සමඟ සමස්ත මරණ සංඛ්‍යාව 96,096ක් ලෙස සටහන් වුණා. දෛනික ආසාදිතයින් 56,411ක් සමග එරට ආසාදිතයින් සංඛ්‍යාව දැක්වුණේ 28 ලක්ෂ 8076ක් ලෙසයි.

දෛනික මරණ 849ක් සමඟ ඉන්දියාවේ සමස්ත මරණ සංඛ්‍යාව 39,820ක් ලෙස සටහන් වූ අතර, දෛනික ආසාදිතයින් 51,282ත් සමඟ එරට මුළු ආසාදිතයින් සංඛ්‍යාව දැක්වුණේ 19 ලක්ෂ 6613ක් ලෙසයි.

මේ අතර, ඊයේ දිනයේදීත් තවත් කොරෝනා ආසාදිතයින් 06 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2,834 දක්වා ඉහළ ගියා. ඒ අනුව ආසාදිතයින් 299ක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ සංඛ්‍යාව 2524ක්.