ආරක්ෂාවට පොලීසියෙන් 82,000ක් - පොලිස් විශේෂ කාර්ය බලකාය සහ සිවිල් ආරක්ෂක බලකායත් සේවයේ (වීඩියෝ)

Wednesday, 05 August 2020 - 7:56

%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+82%2C000%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA+%E0%B6%B6%E0%B6%BD%E0%B6%9A%E0%B7%8F%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%B6%E0%B6%BD%E0%B6%9A%E0%B7%8F%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%BA%E0%B7%9A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


ඡන්ද විමසීම සිදු කෙරෙන අද දිනයේ, ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 82,091ක් සේවයේ යොදවා තිබෙනවා.

මීට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකාය සහ සිවිල් ආරක්ෂක බලකාය ද ආරක්ෂක රාජකාරි සඳහා යොදවා ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න සඳහන් කළේ සාමකාමී මැතිවරණයක් වෙනුවෙන් අවශ්‍ය බලය භාවිතා කිරීමට පොලිස් නිලධාරින්ට උපදෙස් ලබාදී ඇති බවයි.

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජන රජයේ 9 වන පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම අද පෙරවරු 7 සිට ආරම්භ වූ අතර  එය පස්වරු 5 දක්වා පැවැත්වෙනවා.