පෙරවරු 6 සිට දහවල් 11 දක්වා මැතිවරණ පැමිණිලි 421ක්

Wednesday, 05 August 2020 - 16:24

%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%80%E0%B6%BB%E0%B7%94+6+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%AF%E0%B7%84%E0%B7%80%E0%B6%BD%E0%B7%8A+11+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%92+421%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීමට අද පෙරවරු 07ට ඇරඹි ඡන්ද විමසීම පස්වරු 5ට අවසන්වීමට නියමිතයි.

පස්වරු දෙක වනවිට දිස්ත්‍රික්ක කිහිපයකම ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශත සියයට 60 ඉක්මවා තිබුණා.

සෙසු දිස්ත්‍රික්කවල ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය ද සියයට 50 ඉක්මවා තිබූ බවයි එම දිස්ත්‍රික්කවල තේරීම්භාර නිලධාරීන් කියා සිටියේ.

එමෙන්ම අද පෙරවරු හයේ සිට 11 දක්වා කාලසීමාව තුළදී මැතිවරණ පැමිණිලි 421 ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළා.

ඉන් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 370 ක් දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ලැබී ඇති තිබෙනවා.

ඒ අනුව මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කළ දිනයේ සිට මේ දක්වා කාලය තුළ ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාව 8,025ක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories