2020 පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම අවසන් (වීඩියෝ)

Wednesday, 05 August 2020 - 17:01

2020+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B7%83%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන පාර්ලිමේන්තුවට මන්ත්‍රිවරුන් තෝරා පත් කර ගැනීම වෙනුවෙන් පැවති ඡන්ද විමසීම පස්වරු 5ට අවසන් වුණා.

ඡන්ද විමසීම ආරම්භ කෙරුණේ අද පෙරවරු 7ටයි.

දිවයින පුරා මධ්‍යස්ථාන 12,985 කදී ඡන්දය ප්‍රකාශ කිරීමට ලියාපදිංචිව සිටි ඡන්දදායකයින් සංඛ්‍යාව එක්කෝටි හැට දෙලක්ෂ හැටතුන්දහස් අටසිය අසූපහක්.  

ඉන් වැඩිම පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 1,785,964 ක්.

2020 මහ මැතිවරණය සඳහා මෙවර මැතිවරණ දිස්ත්‍රික්ක 22න් අපේක්ෂකයින් 7452ක් ඉදිරිපත්ව සිටියේ පිළිගත් දේශපාලන පක්ෂ 20ක් හා ස්වාධීන කණ්ඩායම් 34ක් නියෝජනය කරමින්.

මැතිවරණ කොට්ඨාශ 160ක් වෙනුවෙන් ඔවුන් අතුරින් මන්ත්‍රීවරුන් 196 දෙනෙකු පාර්ලිමේන්තුවට තෝරාපත් කර ගැනීමට නියමිතයි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ඡන්ද දායකයින් 1,709,209 දෙනෙකු සුදුසුකම් ලබා ඇති අතර කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඡන්ද දායකයින් 1,348,787ක්ද, මහනුවර දිස්ත්‍රික්කයෙන් 1,129,100 දෙනෙකු ද සුදුසුකම් ලබා සිටියා.

අඩුම ඡන්ද දායකයින් ගණනක් වන්නි මැතිවරණ  දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 287,024ක්  

ඡන්ද ගණන් කිරීමේ කටයුතු ඡන්ද විමසිමට හෙට (6) වනදා උදෑසන ඒ ඒ දිස්ත්‍රික්කයන්හි ආරම්භ කිරිමට මැතිවරණ කොමිෂන් සභාව විසින් කටයුතු සම්පාදනය කර ඇති අතර අදාළ ගණනය කිරීමේ කටයතු මධ්‍යස්ථාන 77කදී සිදු කිරීමට නියමිතයි.

රට තුළ පවතින කොවිඩ් 19 තත්ත්වය හමුවේ විශේෂ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මෙවර මැතිවරණ පැවැත්වූ අතර ඡන්ද මධ්‍යස්ථාන විෂබීජහරණය කිරීමේ කටයුතු පසුගියදා සිදු කෙරුණා.

මෙවර මැතිවරණයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 69,000ක් අනියුක්ත කර සිටිනවා.

මේ අතර පස්වරු හතර වනවිට කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කවල ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 61 ක් වූ අතර, මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 67 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 63 ක් වන බවයි එහි තේරීම් භාර නිලධාරිවරයා කියා සිටියේ.

එමෙන්ම මාතලේ, කෑගල්ල සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 68 ක් වනවා.

වන්නි, මඩකලපුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 69 ක්.

කුරුණෑගල, පුත්තලම දිස්ත්‍රික්කවල ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 60 ක් වන අතර, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 55ක් වන බවයි එම දිස්ත්‍රික්කවල තේරීම් භාර නිලධාරීන් කියා සිටියේ.

මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 65 ක් වනවා.

යාපනය දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 64ක් වන අතර, රත්නපුර දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීම දැක්වෙන්නේ සියයට 70ක් ලෙසයි. ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 62ක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories