ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,838 දක්වා ඉහළට

Wednesday, 05 August 2020 - 17:24

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+2%2C838+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
නව කොරෝනා ආසාදිතයන් හතරදෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරට මුළු කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2,838 දක්වා ඉහළ ගියා.

නව ආසාදිතයන් සිව්දෙනා අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි දෙදෙනෙකු, චෙන්නායි සිට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු සහ සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියෙකු සිටින බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම කොරෝනා ආසාදනය වූ තවත් 13 දෙනෙකු අද සුවය ලබා පිටව යාමත් සමඟ මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිත සංඛ්‍යාව 2537 දක්වා ඉහළ ගියා.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ මේ වනවිට 290 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි.

මේ අතර සෑම පැයකටම වරක් පුද්ගලයින් 247 දෙනෙකු හෝ සෑම තත්ත්පර 15 කට වරක් එක් අයෙකු ලොව කුමන හෝ රටක කොරෝනා වෛරසයෙන් මරණයට පත්වන බව විදෙස් මාධ්‍ය අද වාර්තා කළා.

එසේම ලොව පුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව එක්කෝටි අසූහත් ලක්ෂ 34,901 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මරණ සංඛ්‍යාව ද හත්ලක්ෂ 5053 ක් ලෙස දැක්වෙනවා.