ඡන්ද විමසීම අවසන් වෙද්දී ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතයන්

Wednesday, 05 August 2020 - 17:51

%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B7%83%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%93+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B7%81%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන පාර්ලිමේන්තුවට මන්ත්‍රිවරුන් තෝරා පත් කර ගැනීම වෙනුවෙන් පැවති ඡන්ද විමසීම පස්වරු 5ට අවසන් වුණා.

ඡන්ද විමසීම ආරම්භ කෙරුණේ අද පෙරවරු 7ටයි.

දිවයින පුරා මධ්‍යස්ථාන 12,985 කදී ඡන්දය ප්‍රකාශ කිරීමට ලියාපදිංචිව සිටි ඡන්දදායකයින් සංඛ්‍යාව එක්කෝටි හැට දෙලක්ෂ හැටතුන්දහස් අටසිය අසූපහක්.  

ඉන් වැඩිම පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 1,785,964 ක්.

2020 මහ මැතිවරණය සඳහා මෙවර මැතිවරණ දිස්ත්‍රික්ක 22න් අපේක්ෂකයින් 7452ක් ඉදිරිපත්ව සිටියේ පිළිගත් දේශපාලන පක්ෂ 20ක් හා ස්වාධීන කණ්ඩායම් 34ක් නියෝජනය කරමින්.

මැතිවරණ කොට්ඨාශ 160ක් වෙනුවෙන් ඔවුන් අතුරින් මන්ත්‍රීවරුන් 196 දෙනෙකු පාර්ලිමේන්තුවට තෝරාපත් කර ගැනීමට නියමිතයි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ඡන්ද දායකයින් 1,709,209 දෙනෙකු සුදුසුකම් ලබා ඇති අතර කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඡන්ද දායකයින් 1,348,787ක්ද, මහනුවර දිස්ත්‍රික්කයෙන් 1,129,100 දෙනෙකු ද සුදුසුකම් ලබා සිටියා.

අඩුම ඡන්ද දායකයින් ගණනක් වන්නි මැතිවරණ  දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 287,024ක්  

ඡන්ද ගණන් කිරීමේ කටයුතු ඡන්ද විමසිමට හෙට (6) වනදා උදෑසන ඒ ඒ දිස්ත්‍රික්කයන්හි ආරම්භ කිරිමට මැතිවරණ කොමිෂන් සභාව විසින් කටයුතු සම්පාදනය කර ඇති අතර අදාළ ගණනය කිරීමේ කටයතු මධ්‍යස්ථාන 77කදී සිදු කිරීමට නියමිතයි.

රට තුළ පවතින කොවිඩ් 19 තත්ත්වය හමුවේ විශේෂ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මෙවර මැතිවරණ පැවැත්වූ අතර ඡන්ද මධ්‍යස්ථාන විෂබීජහරණය කිරීමේ කටයුතු පසුගියදා සිදු කෙරුණා.

මෙවර මැතිවරණයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 69,000ක් අනියුක්ත කර සිටිනවා.

මේ අතර පස්වරු 5 වනවිට හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 76ක් බවට වාර්තා වුනා.

ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 70ක් වූ අතර මාතර සියයට 70ක් බවයි දිස්ත්‍රික්කවල තේරීම් භාර නිලධාරීන් සඳහන් කළේ.

කළුතර සියයට 65ක්, මහනුවර  72ක්, මාතලේ 72ක්, නුවරඑළිය 75ක්, වන්නි 74ක්, මොණරාගල 73ක් සහ යාපනය දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 67ක් ලෙසයි දැක්වෙන්නේ.

දිගාමඩුල්ල සියයට 73ක්, ත්‍රිකුණාමලය සියයට 74ක්, අනුරාධපුරය සියයට 70ක්, පුත්තලම සියයට 65ක්, කෑගල්ල සියයට 70ක්, රත්නපුර සියයට 72ක් සහ මඩකලපුව දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රකාශය සියයට 76ක් ලෙසටයි දැක්වෙන්නේ.

කුරුණෑගල සහ බදුල්ල දිස්ත්‍රික්වල ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 76ක් වන අතර කොළඹ දිස්ත්‍රික්කයේ සියයට 68ක් බවයි දිස්ත්‍රික් ලේකම්වරුන් සඳහන් කළේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 68ක් ලෙස සටහන් වනවා.