2020 පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රකාශිත සමස්ත ඡන්ද ප්‍රතිශතය සියයට 72.43 (වීඩියෝ)

Wednesday, 05 August 2020 - 18:52

2020+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B7%92%E0%B6%AD+%E0%B7%83%E0%B6%B8%E0%B7%83%E0%B7%8A%E0%B6%AD+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B7%81%E0%B6%AD%E0%B6%BA+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7+72.43+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද ප්‍රකාශය සියයට 72.43ක් බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසනවා.

9 වන පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීමට අද පෙරවරු 07ට ආරම්භවුණු ඡන්ද විමසීම පස්වරු 5 ට අවසන් වුණා.

ඒ අනුව, මේ වනවිට ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යාම සිදුවෙමින් පවතින බවයි දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරිවරුන් සඳහන් කළේ.

අපේක්ෂකයින් 7452 ක් මෙවර මහමැතිවරණයට තරඟ කළා.

දිස්ත්‍රික්ක රැසක ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 70 සහ එම සංඛ්‍යාව ඉක්මවූ අවස්ථාද දක්නට ලැබුණු අතර, මෙතෙක් අවසන් ප්‍රකාශිත ප්‍රතිශතය මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත් කර නැහැ.

මේ අතර, කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 68ක් වූ අතර, කළුතර දිස්ත්‍රික්කයේ සියයට 65 ක් වුණා.

ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රතිශතය දැක්වෙන්නේ සියයට 68ක් ලෙසයි.

ගාල්ල දිස්ත්‍රික්කයේ සියයට 70ක් ඡන්දය ප්‍රකාශ කළ අතර, මාතර එම ප්‍රතිශතය දැක්වූයේ 70ක් ලෙසටයි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 76ක් ඡන්දය ප්‍රකාශ කර තිබුණා.

රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය දැක්වුණේ සියයට 72ක් ලෙසටයි.

කෑගල්ල දිස්ත්‍රික්කයේ සියයට 70ක් සිය ඡන්දය ප්‍රකාශ කර තිබුණා.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියයට 70 ක් ඡන්දය ප්‍රකාශ කර තිබුණා.

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 72ක් වූ අතර මාතලේ දිස්ත්‍රික්කයේ සියයට 72ක් ඡන්දය ප්‍රකාශ කළා.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියයට 75ක් සිය ඡන්දය ප්‍රකාශ කර තිබුණා.

යාපනය දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කර තිබුණේ සියයට 67ක්.

වන්නි දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව සියයට 74ක් ලෙසයි සටහන්ව තිබුණේ.

දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 72ක් වූ අතර, මඩකලපුව දිස්ත්‍රික්කයේ එම ප්‍රතිශතය සියයට 76ක් ලෙසටයි සටහන්ව තිබුණේ. ත්‍

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව සියයට 73ක් වූ බවයි දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරිවරයා කියා සිටියේ.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 65 ක්ව පැවති අතර, පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය දැක්වුණේ සියයට 65ක් ලෙසටයි.

බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 65 ක් වූ අතර, මොනරාගල දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රතිශතය සියයට 73 ක් ලෙස සටහන්ව තිබුණා.

මහමැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු හෙට උදෑසන ආරම්භ වන අතර ඇතැම් දිස්ත්‍රික්කවල එම කටයුතු ආරම්භ වන්නේ පෙරවරු 7ටයි.

උදෑසන 8 ට පමණ ද ඇතැම් දිස්ත්‍රික්කවල ඡන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ කිරීමට කටයුතු කරන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

මධ්‍යස්ථාන 77 කදී ගණන් කිරීමේ කටයුතු සිදුවනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories