SF ලොක්කා ඝාතන සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි පොලිසියට නියෝග (වීඩියෝ)

Wednesday, 05 August 2020 - 19:16

SF+%E0%B6%BD%E0%B7%9C%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


අනුරාධපුරයේ සමාජශාලා හිමිකරුවෙකු වූ කරාටේ ශූර වසන්ත සොයිසා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ඉරෝන් රණසිංහ හෙවත් එස්.එෆ්. ලොක්කා අද වෙඩි තබා ඝාතනය කෙරුණා.

ඒ, අනුරාධපුර -  දහයියාගම මංසන්ධියේ දුම්රිය හරස්මාර්ගය ආසන්නයේදියි.

යතුරුපැදියකින් පැමිණි නාඳුණන පුද්ගලයෙකු විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ඔහු ඝාතනයට ලක්වූ අතර, පසුව ඔහු ගමන් ගත් දෙමුහුන් වර්ගයේ මෝටර් රථයද ගිනිගෙන විනාශ වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

වෙඩි තැබීම සිදුවන අවස්ථාවේදී එම මෝටර් රථයේ ඔහුගේ පෙම්වතියද සිට ඇති අතර, වෙඩි ප්‍රහාරයෙන් ඇයට හානියක් සිදුව තිබුණේ නැහැ.

ඝාතනයට ලක්වූ ඉරෝන් රණසිංහ හෙවත් එස්.එෆ් ලොක්කා මියයනවිට 32 හැවිරිදි වියේ පසුවුණා.

මේ අතර එස්.එෆ් ලොක්කාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්, අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ පොලීසියට නියෝග කර තිබෙනවා.

ඒ, ප්‍රධාන සිද්ධිය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුවයි.

ටී 56 වර්ගයේ ස්වයංක්‍රිය ගිනි අවියකින් වෙඩි ප්‍රහාර 7ක් පමණ ඔහුට එල්ල කර ඇති බවටයි සිදුකළ විමර්ශනවලදී  අනාවරණ වී ඇත්තේ.  

එස්.එෆ්. ලොක්කා, කරළියට පැමිණෙන්නේ 2015 වසරේ ඔක්තෝම්බර් 24 වනදා ජාත්‍යන්තර කරාතේ ශූරයෙකු වූ වසන්ත සොයිසා අනුරාධපුර - කඩපණහ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ රාත්‍රී සමාජ ශාලාව තුළදීම ඝාතනයට ලක් කිරීමේ සිද්ධියත් සමඟයි.

පසුව පොලීසියට  භාරවීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories