නීති කැඩූ අපේක්ෂකයන් හත්දෙනෙකු අත්අඩංගුවට (වීඩියෝ)

Wednesday, 05 August 2020 - 19:27

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%90%E0%B6%A9%E0%B7%96+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය සහ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානවලට අද දිනය තුළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 337ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළා.

මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 8362ක්.

මේ අතර, නාවලපිටිය මධ්‍ය මහා විද්‍යාලයීය ඡන්ද මධ්‍යස්ථානයේදී ඡන්ද පත්‍රිකාව ඡායාරූප ගත කළ 32 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

එමෙන්ම, වේයන්ගොඩ - පත්තලගෙදර සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පිහිටුවා ඇති ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයට බීමත්ව පැමිණ ආරවුලක් ඇති කර ගත් පොලිස් පරීක්ෂකවරයෙකුගේද සේවය අත්හිටුවා තිබෙනවා.

රාගම - කුරුකුලාව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ශාන්ත ලාසරස් දේවස්ථානයේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානයට ඡන්දය ලබාදීමට අද දහවල් පැමිණි අවස්ථාවේ ඇයගේ ඡන්දය වෙනත් අයෙකු ප්‍රකාශ කර තිබුණා.  

මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් අපේක්ෂකයන් හත්දෙනෙකු අත්අඩංගුවට ගත් බව අද පස්වරුවේ පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න ප්‍රකාශ කළා.