බීරුට් පිපිරීමෙන් නිවාස දෙලක්ෂයකට හානි

Wednesday, 05 August 2020 - 19:37

%E0%B6%B6%E0%B7%93%E0%B6%BB%E0%B7%94%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83+%E0%B6%AF%E0%B7%99%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92
ලෙබනනයේ - බීරූට් අගනුවර සිදුවූ දැවැන්ත පිපිරීමෙන් පසු අතුරුදන්වූ 100කට අධික පිරිසක් සොයා මේ වනවිටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

ඇමෝනියම් නයිට්ටේ්‍රට් ටොන් 2750ක් අනාරක්ෂිතව ගබඩා කර තිබූ ගොඩනැගිල්ලක ඊයේ සිදුවූ මෙම පිපිරීමෙන් පුද්ගලයන් 100 දෙනෙකු පමණ ජිවිතක්ෂයට පත්ව තවත් 4000කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

පිපිරිම හේතුවෙන් ලෙබනනයේ බීරූට් අගනුවර ලක්ෂ 2 පමණ පිරිසකගේ නිවාස විනාශ වී ඇති අතර, එහි හානිය ඇමරිකානු ඩොලර් බිලියන 3ත් 5ත් අතර අගයක පවතින බව සඳහන්.