කොරෝනා හමුවේ දකුණු ආසියාවේ පැවති පළමු මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කළ ජනතාවට ජනපතිගේ ස්තූතිය

Wednesday, 05 August 2020 - 21:34

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%86%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81+%E0%B6%9A%E0%B7%85+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%96%E0%B6%AD%E0%B7%92%E0%B6%BA
COVID-19 අවදානම ලෝකයෙන් පහව ගොස් නොමැති අවස්ථාවක මහමැතිවරණයක් පැවැත්වූ දකුණු ආසියාවේ පළමු රට ලෙස ජනතාව සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් මත තැබූ විශ්වාසය ගැන රටේ ජනතාව වෙත සිය ස්තූතිය පුදකරමින් ජනපතිවරයා විසින් ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

එම සටහන පහතින්.

"අද (5) පැවති මහමැතිවරණයේදී 71% ආසන්න ඡන්ද දායකයින් පිරිසක් තම ඡන්දය ප්‍රකාශ කර ඇත. COVID-19 අවදානම ලෝකයෙන් පහව ගොස් නොමැති අවස්ථාවක මහමැතිවරණයක් පැවැත්වූ දකුණු ආසියාවේ පළමු රට ලෙස ජනතාව අපගේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් මත තැබූ විශ්වාසය ගැන මම ස්තූතිවන්ත වෙමි."

9 වන පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීම සඳහා අද පැවති ඡන්ද විමසීමේදී ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 71 ක් බව මැතිවරණ කොමිසන් සභාව ප්‍රකාශ කළා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළේ ඇතැම් දිස්ත්‍රික්කවල ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 71 ඉක්මවා තිබූ බවයි.

ඒ අනුව වැඩිම ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයක් වාර්තාවන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන්.

එහි අගය සියයට 75ක්. ත්‍රිකුණාමලය, මොණරාගල, බදුල්ල දිස්ත්‍රික්කවල ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 74 ක් වන අතර, හම්බන්තොට, වන්නි සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය දැක්වෙන්නේ සියයට 74 ක් ලෙසයි.

සියයට 72 ක ඡන්ද ප්‍රතිශතයක් කොළඹ, මඩකලපුව සහ දිගාමඩුල්ල දිස්ත්‍රික්කවලින් වාර්තාවනවා.

කළුතර, මහනුවර, මාතලේ, මාතර, අනුරාධපුරය, පොළොන්නරුව සහ කෑගල්ල දිස්ත්‍රික්කවලින් වාර්තාවන ඡන්ද ප්‍රතිශතය සියයට 71ක්.

කුරුණෑගල සහ ගාල්ල දිස්ත්‍රික්කවල ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 69 ක් වන අතර, යාපනය දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කර ඇති ප්‍රතිශතය සියයට 64ක්.

 අඩුම ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයක් වාර්තාවන්නේ පුත්තලම දිස්ත්‍රික්කයෙන්. එහි අගය සියයට 63ක්.

අද පස්වරු පහට ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් වීමත් සමඟ හෙට පෙරවරු හතේ සිට ඡන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ වනවා.

දිවයින පුරා ඡන්ද ගණන්කිරීමේ මධ්‍යස්ථාන 77 ක් තුළ ගණන් කිරීමේ කටයුතු සිදුකරන අතර, මේ වනවිට දිවයිනේ දිස්ත්‍රික්ක රැසක ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි රැගෙන විත් අවසන්.

මෙවර මහමැතිවරණයෙන් මන්ත්‍රීවරුන් 225 දෙනෙකු පාර්ලිමේන්තුවට තේරී පත්කර යැවීම සඳහා ඡන්දදායකයින් එක්කෝටි හැට දෙලක්ෂ 63,885 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා සිටියා.

අපේක්ෂකයින් 7452 ක් මෙවර මහමැතිවරණයට තරඟ වැදුණු අතර, ඉන් 3652 දෙනෙකු පිළිගත් දේශපාලන පක්ෂ සමඟින්ද තවත් 3,800ක් ස්වාධීන කණ්ඩායම් නියෝජනය කරමින්ද මැතිවරණයට ඉදිරිපත් වුණා.

අද පැවැත්වූ මහ මැතිවරණයේ නිල ඡන්ද ප්‍රතිඵල ප්‍රථමයෙන්ම ඔබ වෙත ගෙන ඒමේ වගකීමද ඉටු කිරීමට මේ වනවිට හිරු සියළු කටයුතු සූදානම් කර අවසන්.

ඒ අනුව පෙර මැතිවරණවලදී මෙන්ම, නිවැරදි, නිළ ඡන්ද ප්‍රතිඵලය මැතිවරණ කොමිසම විසින් නිකුත් කළ විගස ප්‍රථමයෙන්ම ඔබ වෙත ගෙන ඒමට හිරු මාධ්‍ය ජාලය කටයුතු කරනවා.