හිරෝෂිමාව පරමාණු බෝම්බ ප්‍රහාරයේ 75 වන වසර අනුස්මරණය කරයි

Thursday, 06 August 2020 - 9:07

%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B7%82%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B6%BB%E0%B6%B8%E0%B7%8F%E0%B6%AB%E0%B7%94+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+75+%E0%B7%80%E0%B6%B1+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ඇමරිකාව විසින් ලොව ප්‍රථම පරමාණු බෝම්බ ප්‍රහාරය එල්ල කර අදට හැත්තෑ පස් වසරක් සපිරෙනවා.

ඒ නිමිත්තෙන් එම පළමු බෝම්බ ප්‍රහාරය එල්ලවූ ජපානයේ හිරෝෂිමා නගරවාසීන් මෙවර සිදුකරන අනුස්මරණ උත්සව සීමා කර ඇත්තේ කොවිඩ් 19 ගෝලීය වසංගතය හේතුවෙන්.

හිරෝෂිමාවේ අද පැවැත්වෙන අනුස්මරණ උත්සවයට පරමාණු බෝම්බ ප්‍රහාරයෙන් දිවි ගලවාගත් පුද්ගලයන්, ඔවුන්ගේ ඥාතීන් සහ විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයන් සුළු පිරිසක් එක්වන අතර, ඔවුන් ලෝක සාමයේ වැදගත්කම අවධාරණය කරනු ඇති.

ජපාන වේලාවෙන් අද උදෑසන 8.15 ට හිරෝෂිමාවේ නිහඬ ආගමික වතාවත් සිදු කෙරුණේ 1945 වසරේ අගෝස්තු හයවනදා පළමු පරමාණු බෝම්බ ප්‍රහාරය එල්ලවූ වේලාව සංකේතවත් කරමින්.

පරමාණු බෝම්බයෙන් හිරෝෂිමාවේ එක්ලක්ෂ 40,000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූ අතර, ඉන් දින තුනකට පසු නාගසාකි නුවරට එල්ල කළ දෙවන පරමාණු බෝම්බ ප්‍රහාරයෙන් 74,000 කට වැඩි පිරිසක් මියගියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories