ඉන්දියාවේ කොරෝනා රෝහලක ගින්නකින් අටදෙනෙකු ජීවිතක්ෂයට

Thursday, 06 August 2020 - 10:15

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B6%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%A7%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
ඉන්දියාවේ - ගුජරාට් ප්‍රාන්තයේ අහමදාබාද් හි කොරෝනා වෛරස් රෝගීන්ට ප්‍රතිකාර කරන පෞද්ගලික රෝහලක අද අලුයම් කාලයේ ඇතිවූ ගින්නකින් කොරෝනා රෝගීන් අටදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ගින්න ඇතිවන විට එහි රෝගීන් 45 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර, කාන්තාවන් තුන්දෙනෙකුද මියගිය පිරිසට ඇතුළත්.

මෙම සිදුවීම පිළිබඳ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද සිය කණගාටුව පළකර තිබෙනවා.

ඒ සිය ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින්.

ඉන්දියාවේ කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වනවිට 19 ලක්ෂය ඉක්මවා ඇති අතර, මරණ සංඛ්‍යාව 40,000 ඉක්මවා තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories